දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘සිංහ පොඩ්ඩෝ’ පාකිස්තානුවන් මුලික වටයෙන්ම ඉවතට විසි කරයි..අපරාජිතව අවසන් පූර්ව තරගයට…

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (2 වැනිදා) චිතගොංග්හිදී පැවැති තර...

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (2 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක  ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.එම ජයත් සමග ශ‍්‍රී ලංකා යොවුන් පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්වු අතර පාකිස්තානු කණ්ඩායමට ආසියානු කුසලානයේ මුලික වටයෙන්ම ඉවත්විමට සිදුවිය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 201 හඹා ගිය පාකිස්තානු යොවුන් ක‍්‍රීඩකයින්ට ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 177ක් පමණි. වැඩිම ලකුණු ලාභියා වූ අවෙයිස් සෆාර් එක් හයේ පහරක් හා හතරේ පහරක් සමගින් ලකුණු 43ක් රැස් කළේය. පන්දු යැවීමේදී නවෝද් පරණවිතාරණ,දුලිත් වෙල්ලාලගේ හා කල්හාර සෙනරත්න කඩුලු 02 බැගින් බිද දැමීමට සමත්විය.

පාකිස්තානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා යොවුන් පිළ පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 200ක් ලබාගැනීමට සමත්විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කලන පෙරේරා පන්දු 61කදී හයේ පහර 03ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය. විටෙක ලකුනු 146කට කඩුලු 07ක් දැවී අසරණව සිටි යොවුන් පිලට බලාපොරොත්තු එක්කල නායක නිපුන් ධනංජය(33) හා නිපුන් මාලිංග(26) 08 වැනි කඩුල්ලට ලකුණු 39ක් එක්කරමින් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ අශාඩ් ඉක්බාල් ලකුනු 35කට කඩුලු 06ක් දවා ගැනිමට සමත්විය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘සිංහ පොඩ්ඩෝ’ පාකිස්තානුවන් මුලික වටයෙන්ම ඉවතට විසි කරයි..අපරාජිතව අවසන් පූර්ව තරගයට…
‘සිංහ පොඩ්ඩෝ’ පාකිස්තානුවන් මුලික වටයෙන්ම ඉවතට විසි කරයි..අපරාජිතව අවසන් පූර්ව තරගයට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLrJ_i9r3MOtz7qTzfkKB_0C99zQMcYuF3626xON3Sk1afeNJ-ZpZMnyzL7-CupmKoxbF9fXa3ZRS9bzSBsjs_eVlOEjbQZc81K2jdlami8AXVKXGdAazL7HHHhlyWz1bYAjuv29n16rg/s320/u-19-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLrJ_i9r3MOtz7qTzfkKB_0C99zQMcYuF3626xON3Sk1afeNJ-ZpZMnyzL7-CupmKoxbF9fXa3ZRS9bzSBsjs_eVlOEjbQZc81K2jdlami8AXVKXGdAazL7HHHhlyWz1bYAjuv29n16rg/s72-c/u-19-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy