උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හා විපක්ෂනායක ටී.තවරාසා මහතා අතර පෞද්ගලික කාරණාවක් මත 6 දා සිට දැඩි විරසකයක් හටගෙන තිබ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හා විපක්ෂනායක ටී.තවරාසා මහතා අතර පෞද්ගලික කාරණාවක් මත 6 දා සිට දැඩි විරසකයක් හටගෙන තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දෙමළ වෙබ් අඩවියකට ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයාගේ වැඩිමල් පුතා ''හොරෙකු හා වංචාකාරයෙකු '' ලෙස හදුන්වා දී තිබීම නිසා විපක්ෂනායකවරයා දැඩි ලෙස උරණ වී සිටියි.
තම විසි හය හැවිරිදි පුතා දේශපාලනයේ නිරත නොවන බවත් ඔහු රජයේ රැකියාවක නිරත බවත් පවසන විපක්ෂනායකවරයා ඔහු හොරෙකු වංචා කාරයෙකු වූයේ කෙසේ දැයි සතියක් ඇතුළතදී ප්‍රධාන අමාත්‍යවරයා හේතු සාධක සහිතව ඔප්පු කිරීමට අසමත් වුවහොත් තමන් නීතියේ පිහිට පතන බව විපක්ෂනායකවරයා ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් මගින් දැණුම් දී තිබේ.
කෙසේ වෙතත් මේ අදාල විස්තරය දෙමළ වෙබ් මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම උතුරු පළාත් සභාවේ විපක්ෂනායක තවරාසා මහතා දුරකතන ඇමතුමක් ලබාගෙන ප්‍රධාන අමාත්‍යවරයාට බැණ වැදී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS