දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංකාවේ මිල අධිකම වාහනේ හිමි ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් සේවකයන් විඳින දහදුක

මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කත...

ලංකාවේ මිල අධිකම වාහනේ හිමි ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් සේවකයන් විඳින දහදුක

මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි. මේ කතාව ධම්මික පෙරේරා මහත්මයාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන. මේ පෝස්ට් එක දැකල ලයික්වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. මොකද මේ දේවල් එතුමා දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.

5 web

2017 අගෝස්තු 1 වෙනිදා ඉඳන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉඳන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි. ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5 -5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩිවලින් ගල් කඩනවා. අවුරුදු 30+ සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා. දවසට තුන් වතාවක් බෝර විදිනවා. ලේන්සුවලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මූලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇඳුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා. මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ. මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කළ සල්ලි ඉවරයි කියල. යන්ත්‍ර සූත්‍රවලට තෙල් ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සූත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ. ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තූරත් මම දැන් දානවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ධම්මික පෙරේරා මහත්මය මේ අසරණ මිනිස්සු ගැන දැනගන්නකම් මේක ශෙයා කරන්න, ඒ මිනිස්සුන්ට ඉතුරු ජීවිත කාලේ හරි සතුටින් ඉන්න ලැබුණොත් ඒක අපිටත් ලොකු පිනක්.

1 web

2 web

3 web

4 web

කවීෂ නඳුන්ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ මිල අධිකම වාහනේ හිමි ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් සේවකයන් විඳින දහදුක
ලංකාවේ මිල අධිකම වාහනේ හිමි ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් සේවකයන් විඳින දහදුක
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/88d61b7cce19d261a5426f777034e14a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_124.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_124.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy