දූෂණය සහ වංචාව සම්පුර්ණයෙන් තුරන් කිරීම පහසු කරුණක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ අද පැවති 28 වන ජාතික...
දූෂණය සහ වංචාව සම්පුර්ණයෙන් තුරන් කිරීම පහසු කරුණක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ අද පැවති 28 වන ජාතික සමථ දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දූෂණය, හොරකම, නාස්තිය මුල් බැහැපු නිදන්ගත වෙච්ච රෝගයක් තිබෙන රටක් මේ රට. එය පහසුවෙන් ඉවත් කළ හැකි තත්ත්වයක නැහැ. අපේ රටේ මුහුදේ අපිට සතුටු විය හැකි දේ තියනවා. මහා ප්‍රෞඪ ඉතිහාසයක හිමිකරුවන්. ශ්‍රේෂ්ට ඉතිහාසයක උරුමකරුවන් අපි. ආර්ථික, සමෘද්ධිය, ශාස්ත්‍රීය දියුණුව පිළිබඳව විශිෂ්ඨයින් අපි. වර්තමානය තුළ ලෝකයේ සතුටු වෙන්න පුළුවන් රටක් අපි. නව තාක්ෂණයත් සමග ලෝකයේ ඉහළම අධිතාක්ෂණය තිබෙන රටවල් සමග තරග කරන්නට නොහැකි වුවත් මිනිසුන්ගේ යහපත් බව, නිදහස් අධ්‍යාපනයෙන් දැනුම තුළ උගත් බව, විශිෂ්ට සෞඛ්‍ය සේවාව, ජනතාවගේ කැපවීම් ඒ පිළිබඳව ඇගයීමට ලක් කළ හැකි ගෞරවනීය රටක්. ඒත් ඒ ගෞරවය තව තවත් ඉහළ ගෞරවයක් ලබන්න මේ රට වැදගත් රටක් බවට පත්කරන්න මේ නාස්තිය හොරකම දුෂණය කියන මුල් බැස ඇති නිදන්ගත රෝග මේ රටින් තුරන් කරන්න ගමේ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් සෑම කෙනෙක්ම කටයුතු කිරීම අවශ්‍යයි.”
COMMENTS