ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට ලබාදුන් කිරිපැකට්වලට කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙ...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට ලබාදුන් කිරිපැකට්වලට කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
ඊයේ (08) බදුල්ලේ ප්‍රදේශයේ දී මාධ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විසින් මේ සම්බන්ධව කොළඹ කොටුව පොලීසියට වෙත පැමිණිල්ලක් සිදු කර අතර කිරි පැකට් කිහිපයක් ද ඉදිරිපත් කළ බව ඒ මහතා පෙන්වා දෙයි.
පසුව එසේ ඉදිරිපත් කළ කිරි පැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණ වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
මේ තුළින් අනාවරණය වන්නේ පසුගිය මස 05 වනදා පැවති විරෝධතාවයේ අසාර්ථකත්වය වසා ගැනීමට බවත් උත්සහයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS