ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනු ලබයි. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා...
ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනු ලබයි.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“70, 77 යුගයේ සිරිමාවෝ මැතිනියට කිව්වා මිරිස් පොලු යුගය, හාල් පොලු යුගය, දැන් රනිල් වික්‍රමසිංහ මහතායාගේ කාලයේ ඇවිල්ලා තියෙනවා හාල් පොල් යුගය, ඒ.සී යුගය, කාර් පොලු යුගය දැන් දාලා තියෙනවා. මේ ආර්ථික කඩාවැටීම පලවෙනි වගකිව යුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක කියන්න ඕනේ. බැඳුම්කර මංකොල්ලය සිද්ධ වෙන්න විනාඩි ගානකට කලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දුරකථනයෙන් අමතලා තිබ්බා මහ බැංකු අධිපතිවරයා. රවි කරුණානායක මහතා එක්ක දුරකතනයෙන් දිගින් දිගට කතා කරලා තිබුණා. සුජීව සේනසිංහ ඇමතිවරයාගේ ගිණුමට ඔහු විසින් මුදල් මාරු කරයි කියලා ඔප්පු වුණා. දයාසිරි ජයසේකර ඇමතිවරයා මුදල් ගත්තයි කියලා ඔප්පු වුණා. අද වෙනකන් අධිකරණයට ඉදිරිපත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ.කළුතර දිස්ත්‍රික්කයේ මහ ලොකුවට කතා කරන ඔය නියෝජ්‍ය ඇමතිතුමා, පුත්තලම දිස්ත්‍රික්කයේ එක පාරටම සරම ඇඳලා, කෝට් එක ටයි ඒක දාන රැවුල තියෙන කළු පාට පුත්තලමේ මන්ත්‍රීතුමා, කෝප් කමිටුවේ සල්ලි ගත්ත අය ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ලස්සන මන්ත්‍රීතුමා සල්ලි අරගෙන තියෙනවා අර්ජුන ඇලෝසියස්ගෙන්. ඒ ලයිස්තුව එලියට දාන්නේ නැහැ."
"පුත්තලම දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ , සබරගමුව පළාතේ ඇලෝසියගේ අරක්කු ඒජන්සි හතරක් ගත්ත මන්ත්‍රීවරයෙක්ගේ නම් එලියට ඇවිල්ලා තියෙනවා.අගමැතිවරයා වහාම ඉවත් කරන්න ඕනේ, වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ.එහෙම නැත්තම් ජනාධිපතිවරයා අගමැතිවරයාව වහාම ඉවත් කරන්න ඕනේ. ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ ගිණුමකට කෝටි 15ක් එනවා. අපි කිව්වා වරාය අධිකාරිය චීනයට දෙනකොටම මෙයාගේ හොංකොං ගිණුමට ආවා ඩොලර් මිලියන සීයක් කියලා. ඒ වගේම බැඳුම්කරය මෙයාගේ ගිණුමට බිලියන 25ක් ආවා කියලා අපි කිව්වා. අද පත්තරේ තියෙනවා රවී කරුණානායකට ඇමැතිකමක්, දයාසිරිට ඇමතිකමක්, මේ වංචා වලට සම්බන්ධ වෙච්ච කට්ටියට දෙන්නේ අධිකරණයේ නීතිය නෙවෙයි ඇමතිකම් නම් මේ රටට මොකක්ද වෙන්නේ කියලා තමයි මට අහන්න වෙන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS