දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාලිංග තවත් පිම්මක් පනියි..

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පසුගිය 13 වැනිදා දඹුල්ලේ නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රී...

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පසුගිය 13 වැනිදා දඹුල්ලේ නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ කඩුලු 500 සීමාව පසුකිරීමට සමත් විය.

මාලිංග එවැනි දස්කම් දැක්වූ සිව්වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට ලෝක ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්විය. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරග 208ක දී කඩුලු 311ක්, ටෙස්ට් තරග 30ක දී කඩුලු 101ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 68ක දී කඩුලු 90ක් වශයෙන් මාලිංග ජාත්‍යන්තර පිතිකරුවන් අසරණ කර ඇත්තේ මුළු කඩුලු 502කින් සිය කඩුලු මල්ලේ පුරවා ගනිමිනි. එය ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබා ගත් 8 වැනි කඩුලු 5 අවස්ථාව වශයෙන් ද වාර්තා පොත් අතරට එකතු වීම තවත් විශේෂත්වයකි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා ඇත්තේ මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් හා රංගන හේරත් පමණි.

එම තරගයේ ආරම්භක පන්දුවාරය ක්‍රියාත්මක කළ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක මාලිංග එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දකුණතින් පිත්ත හසුරුවන ජේසන් රෝයි කිසිදු ලකුණක් නොලබාම දැවී ගියේ මාලිංගගේ එවූ බවුන්සර් පන්දුවකට ගොදුරු වෙමිනි. එම කඩුල්ල මාලිංග එම තරගයේ ලබාගත් පළමු කඩුල්ල විය.

කෙසේ නමුත් එම තරගයේ මුල් භාගයේ දී පන්දුවාර තුනක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 19ක් ලබා දී මාලිංගට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. පසුගිය මස කිහිපයක කාලයේ දී පැවැත්වූ තරගාවලිවල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10 තුල ලබා දුන් ලකුණු ප්‍රමාණය හා සලකා බැලීමේ දී එම නිමා වූ තරගයේ ප්‍රබල මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් රැසක් සිටින එංගලන්ත කණ්ඩායම ඉතාමත් හොඳින් පාලනය කිරීමට මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුල දී (පන්දුවාර 39න් පසුව) නැවතත් පන්දු යැවීමේ අවස්ථාව මාලිංගට හිමි වූ අතර එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 5ක් තුල ලකුණු 14ක් පමණක් ලබා දී එංගලන්ත කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් වූ අතර එම තරගයේ දී ලකුණු 92ක් ලබා සිටි එංගලන්ත නායක ඉයන් මෝගන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස් හා ලියාම් ඩෝසන් යන පිතිකරුවන් මාලිංගගේ ගොදුරු බවට පත්විය. ඔවුන් දවා ගත් පන්දු යැවීම් සියල්ලම විවිධාකාර පන්දු වීම මාලිංගගේ කඩුලු දවා ගැනීමේ රහස විය. එහි දී කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් වෙත යාමට මාලිංගට අවස්ථාව තිබුනත් එම අවස්ථාව ගිලිහී ගියේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිංග තවත් පිම්මක් පනියි..
මාලිංග තවත් පිම්මක් පනියි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0F7d_3Iu5jNfQsOJleZ_Y-lj8-hdpq3oAmQzjUG70IjaVhg-Xcnec5uNFp9DrbWM5RJNfLHR8PYZYq97oj7ujAsiF1zCEecKZkwMCKMKia9FUuIej0a81YXw0cVBdnt-mVIp4YoFbQV8/s320/malinga-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0F7d_3Iu5jNfQsOJleZ_Y-lj8-hdpq3oAmQzjUG70IjaVhg-Xcnec5uNFp9DrbWM5RJNfLHR8PYZYq97oj7ujAsiF1zCEecKZkwMCKMKia9FUuIej0a81YXw0cVBdnt-mVIp4YoFbQV8/s72-c/malinga-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_116.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_116.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy