දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනබලය ‌දෙවැනි අදියර මහනුවරට : නාමල් සමාවත් ඉල්ලයි.

ඊළඟ ජනබලය උද්ඝෝෂණය මහනුවරදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය. එය පවත්වන දිනය, වෙලාව හා ස්ථානය පසුව දැ...



ඊළඟ ජනබලය උද්ඝෝෂණය මහනුවරදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය. එය පවත්වන දිනය, වෙලාව හා ස්ථානය පසුව දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

සැලැස්මක් සහිතව කොළඹට පැමිණි ජනබලය උද්ඝෝෂණය සාර්ථක අයුරින් අවසන් කළ බවත්, ආණ්ඩුව දිගින් දිගටම එම උද්ඝෝෂණය හෑල්ලුවට ලක්කළහොත් ජනතාව දැඩි තීන්දුවක් ගනු ඇති බවත්ය හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

එම උද්ඝෝෂණයට පැමිණි ජනතාවට මත්පැන් බෝතල් ලබානොදුන් බවත්, ජලබෝතල් පමණක් ලබාදුන් අතර, ආණ්ඩුවේ කණ්ඩායම් විසින් මත්පැන් බී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවත් නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී කාලයේදී විරෝධයට සම්බන්ධවූයේ  ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තිබියදී බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම උද්ඝෝෂණයට එක් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


නාමල් සමාව ඉල්ලයි

එසේම සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක් එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණේ ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවයි.

තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.


ජනතාවට තම නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් සටන ඉදිරියට ගෙන යන බවත් එම ප්‍රකාශයේ දැක්වෙයි.

බස්රථ 3250කින් ජනතාව ලක්ෂ දෙකක්

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙම උද්ඝෝෂණයට බස්රථ 3250කින් ජනතාව ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගි වූ බවයි.

ජනබලය උද්ඝෝෂණයෙන් කොළඹ අකර්මන්‍ය කරන බවට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ බවත්, ඒ ආකාරයට ජනතාව පුරවා උද්ඝෝෂණය සාර්ථක කිරීමට හැකි වූ බැවින් ඊයේ රාත්‍රී 12.00න් පසුව විරෝධය අවසන් කිරීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පොලීසිය උද්ඝෝෂකයින් සමග ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ කළද එවැනි ගැටුම්වලට මැදිහත් නොවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ උද්ඝෝෂණය කිලෝමීටර් 24ක් දිගට ඇදී තිබුණු බවත්, රාත්‍රිය පුරා ඇදී ගිය ලංකා ඉතිහාසයේ එකම උද්ඝෝෂණය මෙය බවත්ය.

ජනාධිපති හා අගමැති සැඟවුණා, මංගල සිංගප්පුරුවට පැන ගියා

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සැඟවී සිටි බවත්, මංගල සමරවීර ඇමතිවරයා සිංගප්පූරුවට ගොස් තිබුණු බවත් පැවසූ ගම්මන්පිල මහතා මහජන දිනයක් වූ ඊයේ දිනයේදී ඇමතිවරු කිසිවෙකු කාර්යාලවලට වාර්තා කර නොතිබුණු බවද පැවසීය.

පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා
   
කෙසේ නමුත් මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ ජන බලය කොළඹට පුස්වෙඩිල්ලක් වූ බවත් එය රාජපක්ෂ කල්ලියේ දේශපාලන මිනී වළ සියතින්ම කපාගැනීමක් වූවක්  බවත් ය.

මෙම ව්‍යාජ 'ජනබල' සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේම බවත් ඔවුන්ගේ එකම අරමුණ වූයේ පැකට්, මුදල් හෝ මත්පැන් හැකිතාක් ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම සිය ආධාරකරුවන් කොළඹට ගෙන්වා, තමන්ට ජනබලයක් ඇතැයි පෙන්වා කෙසේ හෝ තමන්ට එරෙහි දූෂණ වංචා නඩුවල තීන්දු ප්‍රමාද කර ගැනීම බව ද රත්නායක මහතා සඳහන් කළේ ය.


කෙසේ වුණත් රැළිය ආරම්භ වීමටත් පපෙර සුරා මතින් පාරේ වැටී සිටී පොහොට්ටු ආධාරකරුවන්ට පිහිටට ආවේ ද ඔවුන් මෙයට පෙර විරෝධය පෑ සුවසැරිය ගිලන් රථ සේවය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනබලය ‌දෙවැනි අදියර මහනුවරට : නාමල් සමාවත් ඉල්ලයි.
ජනබලය ‌දෙවැනි අදියර මහනුවරට : නාමල් සමාවත් ඉල්ලයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguW_Dl-xVF_pnXtuP6d3EI6bxXnhih13Hg96xwXHWT_M194YG8Ns589-Aj3yB83NTl8TkZ8NSH4Z6oKNazBpCNhaoVy18mtKMdKXAgMdF7yF9_sok6NiVCQRccFODLKpqFMK_ji3ynJJfr/s1600/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguW_Dl-xVF_pnXtuP6d3EI6bxXnhih13Hg96xwXHWT_M194YG8Ns589-Aj3yB83NTl8TkZ8NSH4Z6oKNazBpCNhaoVy18mtKMdKXAgMdF7yF9_sok6NiVCQRccFODLKpqFMK_ji3ynJJfr/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy