දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!
Homeගොසිප්

ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!

PropellerAds

තමාට බැරි නම් තමාගේ සොයුරෙකු එළැඹෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන බව මහින්ද රාජපක්ෂ ඊයේ ඉන්දියාවේදී ප්‍රකාශ කරන ලද නමුත් ඇමරිකාන...

නියෝජ්‍ය කතානායක ධුරයට තුන්කොන් සටනක් : ඡන්ද විමසීම අද.
දැන් මාධ්‍ය නිදහස, අනාගතේ මතක් වේවි : දින 100 මෛත්‍රීගේ නෙමෙයි.
ඕන නම් මට පර්පෙචුවල් සමාගමට මුදල් දෙන්න පුළුවන් : කබීර්, මෛත්‍රීට පිළිතුරු දෙයි.

තමාට බැරි නම් තමාගේ සොයුරෙකු එළැඹෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන බව මහින්ද රාජපක්ෂ ඊයේ ඉන්දියාවේදී ප්‍රකාශ කරන ලද නමුත් ඇමරිකානු පුරවැසියන් වන ගෝඨාභයට හෝ බැසිල්ට හෝ ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1999 දී දුන් තීන්දුවකින් පැහැදිලි වේ.

ලංකාවේ නව නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඡන්දයකට ඉදිරිපත් විය නොහැකි නිසා ජනාධිපතිවරණයකටද ඉදිරිපත් විය නොහැකිය. එසේ සුදුසුකම් ලැබීමට නම් ගෝඨාභය හෝ බැසිල් හෝ තම ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත යුතුය.

ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 1999 දී දී ඇති තීන්දුවක් අනුව ඔවුන්ට එය කිසිසේත් කර ගත නොහැකි ක්‍රියාවක් බව සහතිකය.

අදාල නඩුව මෙසේය.

ගෝඨා සහ බැසිල්ට සේම පයේටෝ රිකෝ (Puerto Rico) රටේ ඉපිද පසුව ඇමරිකානු පුරවැසි භාවය ලැබූ ‘ඇල්බර්ටෝ ලොසාඩා කොලොන්’ නමැති නීතිඥයාට ද පසුකලෙක පයේටෝ රිකෝ රටේ ‘මයාගුඒස්’ නගරයේ නගරාධිපති ඡන්දයට ඉදිරිපත් වීමට සිත්විය. ලංකාව සේම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයක් වන පයේටෝ රිකෝහි 1952 දී උපන් ඇල්බර්ටෝ ලොසාඩා ඇමරිකානු පුරවැසි භාවය ලැබුවේ 1996 දී ය. පයේටෝ රිකෝ නිදහස් පක්ෂයෙන් මයාගුඒස් නගරයේ නගරාධිපති ඡන්දයට ඉදිරිපත්වන්නට ඔහු සැලසුම් කෙළේ 1999 දී ය.

ලංකාවේ පාර්ලිමේන්තු ඡන්දයකදී මෙන් එරටේ නගර සභා ඡන්දයකදී වුව ද්විත්ව පුරවැසියන්ට අයැදුම් කළ නොහැකි නිසා ඇල්බර්ටෝ තම ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කරන්නැයි ඉල්ලා දිව්රුම් ප්‍රකාශයක් පයේටෝ රිකෝහි ඇමරිකානු කොන්සල් කාර්යාලයට බාර දුන්නේය. සාමාන්‍ය ක්‍රමය අනුව එහි අවසන් තීරණය කරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයයි. ඇල්බර්ටෝගේ පුරවැසි භාවය අවලංගු කරන්නැයි කළ ඉල්ලීම රාජ්‍ය ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කෙළේය. නීතිඥයෙකු ද වන ඇල්බර්ටෝ එම තීන්දුවට එරෙහිව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් තමාගේ පුරවැසිභාවය ඉවත් කරන්නැයි රාජ්‍ය ලේකම්ට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ‘ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව ලොසාඩා කොලොන්’ නමැති අංක No. 99-259 දරණ නඩුව එය විය.

නඩුව විභාග කළ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය ලේකම්ගේ තීන්දුව නිවැරදි බව කියමින් ඇල්බර්ටෝ ලොසාඩා කොලොන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙළේය.

ඊට හේතු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පුද්ගලයෙකු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි කියා කරන ඉල්ලීමක් පිළිගත හැක්කේ එය නිරායාසයෙන් කරන ඉල්ලීමක් නම් මිස කිසියම් පෙළැඹවීමකින් කරන ඉල්ලීමක් නොවිය යුතු බවයි. ඡන්දයක් ඉල්ලීම සඳහා පුරවැසිභාවය ඉවත් කරන්නැයි කියා කරන ඉල්ලීම පෙළැඹවීමකින් කරන ඉල්ලීමක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද්දේ ය. ඒ අනුව ඇල්බර්ටෝ ලොසාඩාගේ නගරාධිපති සිහිනය බිඳ වැටුනි.

මේ සම්බන්ධ සම්පූර්ණ නඩු ගොනුව පහත දිගුවෙන් කියැවිය හැකිය.මේ සම්බන්ධ සම්පූර්ණ නඩු ගොනුව පහත දිගුවෙන් කියැවිය හැකිය.

ඇල්බර්ටෝ ලොසාඩාට දුන් තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් ගෝඨාභයට හෝ බැසිල්ට හෝ නොලැබෙනු නිසැක ය. මන්ද යත් ලංකාවේ මෙන් ඇමරිකාවේ එක එක පුද්ගලයාගේ මුහුණ බලා නීතිය නවන්නේ නැති නිසා ය.

තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට උත්සාහ කරන්නේ නැතැයි බැසිල් දැනටමත් කියා ඇත. නමුත් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තාදැයි ගෝඨාභයගෙන් අහන වාරයක් ගානේ ඍජු පිළිතුරක් නොදී ජිග් බිග් ගා ගොත ගසා ගෝඨා මග හරින්නේ ඔහු මේ බව දන්නා නිසා ය. ගෝඨාභය සිතාගෙන ඉන්නේ ඇමරිකානු නීතිය නැවීමට නොව ලංකාවේ නීතිය නවා කෙසේ හෝ ජනාධිපතිවරණ නාමයෝජනාව පිළිගැන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා ය.

අප සාක්කි සහිතව මේ කරුණු ඉදිරිපත් කෙළේ ගෝඨාභය ජනාධිපති කිරීමේ සිහිනයේ ගැලී සිටින මෘගවාදී ගොබ්බයන්ට දැන්වත් වෙන අතක් බලා ගන්නට සිදුවන බව පෙන්වා දීමට ය.  

(ලංකාඊනිව්ස්)

කෙසේ නමුත් දෙහිවල හිටපු නගරාධිපතිවරයා මේ පිලිබඳව පසුගිය දා දක්වා තිබුණේ මෙවැනි අදහසකි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!
ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp8-FJVkHvk9SB3ytLU0jI9kq1Xg9LvJVzb2nnBrg0F7YyHG3dGuRkjPDtpi5trnvePs65Uc0oGWgZzpOfmlIMra_YiFdalWuMNru768dSC6rzeqzN4Fr6o2ozIGfcnJqMgRMLUFMbPBRy/s1600/gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp8-FJVkHvk9SB3ytLU0jI9kq1Xg9LvJVzb2nnBrg0F7YyHG3dGuRkjPDtpi5trnvePs65Uc0oGWgZzpOfmlIMra_YiFdalWuMNru768dSC6rzeqzN4Fr6o2ozIGfcnJqMgRMLUFMbPBRy/s72-c/gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_772.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_772.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy