දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ලාගේ කොළඹ විරෝධය ඇයි? [හෙළිදරව්ව]
Homeගොසිප්

නාමල්ලාගේ කොළඹ විරෝධය ඇයි? [හෙළිදරව්ව]

PropellerAds

විශේෂ මහාධිකරණයට එරෙහිව විරෝධය දැක්වීමට 05 දා කොළඹට එන්නැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ හා...

ඇමැති හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වෙයි.
රාජපක්ෂලා, 2017 මුල් දිනයත් අවසන් දිනයත් FCID යේ.
බැඳුම්කරය වාර්තාව උසාවියට.


විශේෂ මහාධිකරණයට එරෙහිව විරෝධය දැක්වීමට 05 දා කොළඹට එන්නැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ඒකාබද්ධයේ නාමල් රාජපක්ෂ පාර්ශවය විසින් සංවිධානය කිරීමට නියමිත එම විරෝධතාවයේ මුලික අරමුණ වී ඇත්තේ පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් නඩු විභාග කරන විනිසුරන්ට බලපෑම් කිරීම බව  මේ වන විට දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.

නඩු නිලධාරීන් බය කිරීමේ සුදානමක් !

විශේෂ මහාධිකරණයේ විභාගවීමට නියමිත නඩු හරහා කඩිනම් තීන්දු ලැබීමට නියමිත වීමත් විශේෂයෙන් රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ නිලධාරීන්ට එරෙහි නඩු සම්බන්ධ ජනතා අවධානය විකෘති කිරීමත් ඒ හරහා අධිකරණ විනිසුරුවරුන් ඇතුළුව නෛතික කටයුතු වල නිරතව සිටින නිලධාරීන් බියවැද්දීම සඳහා අනියම් බලපෑමක් සිදුකිරීම මේ පසුපස ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඊට හේතු ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම නඩු විභාගවලදී තමන් යටතේ සිටි නිලධාරීන් තමන්ව පාවාදීමක් කරනු ඇතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම රාජපක්ෂ පවුල දැඩි බියකින් පසුවීම සහ මෙතෙක් චෝදනා පමණක් ලෙස තිබුණු රාජපක්ෂවරුන් බලයේ සිටියදී රාජ්‍ය බලය අනිසි ලෙස යොදවා සිදුකළ හොර මැරකම් මෙන්ම බරපතළ මූල්‍ය වංචා දූෂණ අධිකරණය හමුවේ සාක්ෂි සහිතව අනාවරණයවීමේ අවධානමක් තිබීමය.

මේ අතර නාමල් රාජපක්ෂවාදියකු වන හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස හොරා කෑමට එරෙහි නඩුව කුරුනෑගල මහාධිකරණයේ හෙට (03) අරම්භවීමට නියමිතය.

බැසිල් නැති නිසා ගෝඨාගෙන් මාධ්‍ය නිවේදනයක් !

එසේම නාමල් රාජපක්ෂ දේශපාලනිකව ඉහළට ඔසවා තැබීමේ මෙම කූට අරමුණද මේ පසුපස තිබෙන බව විචාරක මතය වී තිබේ. මේ වන විටත් රාජපක්ෂ පවුල තුළ දැඩි බල අරගලයක් පවතින අතර ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පාර්ශව දෙකක් ලෙස එකිනෙකා කුළල්කා ගනිමින් සිටියි. එය තවදුරටත් වර්ධනය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ තමාගෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය සඳහා සිය සහෝදරයන් පවා නොතකා හැර නාමල් රාජපක්ෂව නායකත්වයට ගෙන ඒමට ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටීමය.

ඒ හේතුව නිසාම මෙම සැප්තැම්බර් 5 විරෝධය සඳහා බැසිල් රාජපක්ෂ සහභාගී නොවීමට දැනටමත් තීරණය කර ඇති බවද වාර්තා වෙයි. බැසිල් එම විරෝධය සඳහා එක්නොවන බව ඊයේ (01) මහින්ද රාජපක්ෂද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ සඳහන් කළ අතර ඒ  "එයාට මාස තුනක් හම්බෙලානේ.. එයා එන්නෙ නෑ" යනුවෙන් කියමින්ය.

චෝදනා ප්‍රබලයි : නාමල් නායකයා කිරීම පහසු නෑ : නුවර පාගමනත් විගඩමක් වුණා !

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් 5 විරෝධය වර්ජනය කළ බව තහවුරු කරගත් විට ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් විරෝධතාවට සහය පළකර ඇත්තේ බැසිල් පාර්ශවය ප්‍රසිද්ධියේ අපහසුතාවට පත්කර බැසිල්ගේ බලපෑමෙන් පසුගිය දිනවල දේශපාලනිකව කොන්කර තිබුණු තම විශ්‍රාමික හමුදා ජුන්ටාවේ පිරිස් යළි පෙරට ගැනීමට බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් රාජ්‍ය බලය යොදවා සමාජ විරෝධී ආකාරයට නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබාගත් ආකාරයට හෝ ඉතා ඉක්මනින් කෝටිපතියකු වූ ආකාරයට නායකත්ව ප්‍රතිරූපය සකසා ගැනීම පහසු නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ සුළුපක්ෂ වල අදහස වී ඇත. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ  වංචා දූෂණ කටයුතු රැසක ප්‍රධාන චූදිතයකු වන නාමල් රාජපක්ෂට එම චෝදනා වලින් නිදහස්වීම පහසු කටයුත්තක් නොවන බවය.

විශේෂයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව තිබෙන  මුදල් විශුද්ධිකරණ චෝදනා සහ අයතා ඉපයීම් සම්බන්ධ චෝදනා බරපතල බවත් ඔවුන් පෙන්වා දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ලාගේ කොළඹ විරෝධය ඇයි? [හෙළිදරව්ව]
නාමල්ලාගේ කොළඹ විරෝධය ඇයි? [හෙළිදරව්ව]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyWIxrcP9gGumPpWAMgv-8DdS5CtsFNl5ydjK9maXa82XA115ib-SnM0o9QpyhGCfxoIaQQT6HzoYQHAzQqNQT-gDdLSZ-RLE3QN1yY19gkVdJWpXkV1qTgpM7KyGXcp6Ed_xia1EVeDmp/s1600/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyWIxrcP9gGumPpWAMgv-8DdS5CtsFNl5ydjK9maXa82XA115ib-SnM0o9QpyhGCfxoIaQQT6HzoYQHAzQqNQT-gDdLSZ-RLE3QN1yY19gkVdJWpXkV1qTgpM7KyGXcp6Ed_xia1EVeDmp/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy