ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් ව...
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
ඒ අනුව කඩිනමින් පරීක්ෂණ පවත්වන දන්වමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම පැමිණිලි රහස් පොලිසියට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මිට පෙර මෙම සිද්ධිය විමර්ශනය කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. මෙම පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා විමර්ශනය කරන ලෙස දන්වමින් පොලිස් කොමිසම ඊයේ සවස පොලිස්පතිවරයාට ලිපියක් යැවීය.
COMMENTS