පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ජනාධි...
පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා ජාතික පොලිස් කොමිසමට පොලිස්පතිවරයා සම්බන්ධව නිර්දේශ පමණක් ඉදිරිපත් කළ හැකි බවද පොලිස්පතිවරයා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්නොවුවහොත් සියධුර කාලය අවසන් වනතුරු ඔහුට එම ධුරයේ රැඳී සිටිය හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
19 වැනි සංශෝධනයෙන් පසු ව්‍යවස්ථා සභාව අවුරුදු තුනක කාලසීමාවකට ස්වාධීන කොමිෂන් සභා පිහිටු වූ බවත් ඒ අනුව පිහිටු වූ පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා සම්බන්ධව නිර්දේශයක් නිකුත් කළ පසු ඔහු ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඉන් ඉදිරියට දීර්ඝ ක්‍රියාවලියක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
පොලිස්පතිවරයා පොලිස් කොමිසම සමග ගැටුම් ඇතිකරගැනීම නිසා මීට පෙර ඔහු පොලිස් කොමිසමට කැඳවා කරුණු විමසා තිබුණු බවත්, ඉන්පසුව පූජිත් ජයසුන්දර මහතා හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී පොලිස් කොමිසම ලබාදෙන නියෝග පිලිගැනීමට ඔහු සූදානම් නැතැයි පැහැදිලි වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS