දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකා රෝග ප්‍රතිකාරයට ගන්නා මිල අධික බෙහෙත් මිල පහළට.
Homeගොසිප්

පිළිකා රෝග ප්‍රතිකාරයට ගන්නා මිල අධික බෙහෙත් මිල පහළට.

PropellerAds

පිළිකා රෝග ප්‍රතිකාර සඳහා බහුලව භාවිත කෙරෙන මිල අධික ඖෂධ වර්ග දහයක් ඇතුළු ඖෂධ වර්ග 25 ක හා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පරීක්ෂා කෙරෙන ර...

ගංවතුරේ වියෝ දුකට අවභාවිතාවූ වැල්ලවත්තේ ගොඩනැගිල්ල නිසා මියගිය කාන්තාවගේ පුතුගේ ඡායාරූපය
අවුරුද්දකට වඩා හිරේ හිටිය අනුර සේනානායකට ඇප ලැබේ
විමල් හිරේදී ලිව්ව පොත දොරට වඩී


පිළිකා රෝග ප්‍රතිකාර සඳහා බහුලව භාවිත කෙරෙන මිල අධික ඖෂධ වර්ග දහයක් ඇතුළු ඖෂධ වර්ග 25 ක හා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පරීක්ෂා කෙරෙන රුධිර ග්ලූකෝස් මාපන උපකරණ මිල පහත දැමීමට සෞඛ්‍යය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම ඖෂධවල ටෙන්ඩර් මිල පාලනය කරමින් ඒවාහි උපරිම සිල්ලර මිල නියාමනය කිරීමට අදාළ ගැසට් පත්‍රය 31 දා මධ්‍යම රාත්‍රියේ නිතුක් කළ බව සෞඛ්‍යය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යය රාජිත සේනාරත්නය මහතා පවසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (01) එක් වෙමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දෙන ට්‍රම්සුමාබ් එන්නත මේ අනුව දැනට පවතින රුපියල් 148000.00 ක මිලෙහි සිට රුපියල් 95000.00 දක්වා පහත වැටෙන බව ඇමැතිවරයා පවසයි.මෙයට වසර තුනකට ඉහතදී එම එන්නතේ මිල රුපියල් 280000.00 ක අගයක තිබූ බවත් තමන් එය 148000.00 ක් දක්වා අඩු කළ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එම තීරණයට එරෙහිව නැගී සිටි බවත් කී ඒ මහතා අද එම ඖෂධ මිල තවත් රුපියල් 530000.00 කින් අඩුකර තිබෙන බවද අවධාරණය කළේය.

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වෙනුවෙන් පමණක් රජය වසරකට රුපියල් බිලියන 04 ක පමණ මුදලක් වැය කරන බවත් මෙම ටෙන්ඩර් මිල පාලනයත් සමඟ රජයට වාර්ෂිකව රුපියල් බිලියන 2 කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි බවත් ඒ මහතා කීය.

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වලින් 95 % ක් ආනයනය කරනු ලබන්නේ රජය විසින් බවත් මිල අධික මෙම ඖෂධ මිලට ගැනීමේ හැකියාවක් අහිංසක රෝගීන්ට නොමැති බවත් කී ඒ මහතා දියවැඩියා රෝගීන් බහුලව භාවිත කරන ඉන්සියුලින් මිල රුපියල් 1760.00 සිට 1200.00 ක් දක්වා රුපියල් 560.00 කින් අඩුවන බවද අවධාරණය කළේය.

දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට භාවිත කරන රුධිර ග්ලූකෝස් මාපක උපකරණයක මිල රුපියල් 5260.00 සිට රුපියල් 2750.00 දක්වා පහත වැටෙන බවත් ඒ සඳහා යොදා ගැනෙන රුධිර මාපක තීරුවල මිල රුපියල් 90.00 සිට රුපියල් 60.00 දක්වා පහත වැටෙන බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

ඖෂධ ආනයනය කිරීම වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 07 ක පමණ මුදලක් වැය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වසර 2016 ඔක්තෝම්බර් මස 21 දින අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කළ බවත් එමගින් විවධ වෙළෙඳ නාමයන් යටතේ අළෙවි කෙරුණු ඖෂධ වර්ග 400 ක පමණ මිල පහත වැටුණු බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම මිල නියාමනයත් සමඟ ඖෂධ හා වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය වන බවත් ඒ අනුව විවිධ වෙළෙඳ නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 ක පමණ මිල නියාමනය වන බවත් කී සේනාරත්න මහතා මෙම සියලු පියවර රජය ගනු ලබන්නේ දුප්පත් ජනතාව ගැන සිතා බවද ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ නියාමනය මගින් රෝගීන් වෙත ලැබුණු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් බවද ඒ මහතා කීය.

නව මිල පාලන තීරණය යටතේ පිළිකා හා දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වලට අමතරව ජීවිතාරක්ෂක ප්‍රතිජීවක,ස්නායුගත රෝග,අපස්මාරය හා ඇඳුම සඳහා යොදා ගන්නා ඖෂධ මිල ගණන්ද අඩුවන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඖෂධ මිල නියාමනය කිරීම සඳහා කටයුතු කරත්දී ඊට එරෙහිවූ සංගම්වල තානාපතිවරු අගමැතිවරයා හමුවී මේබව දැනුම්දී තිබූ බවත් එතුමා හොඳින් සොයා බලා තීන්දු ගන්නා අයෙකු ලෙස මෙම ප්‍රශ්නය තමන්ට විසඳීම සඳහා නිදහස හා අවකාශය ලබාදුන් බවත් කී රාජිත සේනාරත්න මහතා ඉදිරියේදී පෞද්ගලික රෝහල් වල මිල පාලනය කිරීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

දියවැඩියා රෝගීන් ජීවිත කාලය පුරාම ඉන්සියුලින් ලබා ගන්නා බවත් මෙම මිල පාලනය ඔවුන්ට විශේෂ සහනයක් වනු ඇති බවත් හෙතෙම කීවේය.

ජනතාවට මේ ආකාරයට සහන ලබා දීමට කටයුතු කරත්දී විවිධ බලවේග එය නතර කිරීමට කටයුතු කරන බවත් සේනක බිබිලේ මහතාටත් එවැනි හිරිහැර කරදර අත් විඳින්නට සිදුවූ බවත් කී ඒ මහතා හොඳ කරනවා නම් බැණුම් ඇසීමට සිදුවීම ලංකාවේ සංස්කෘතිය යැයිද ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ මිල පාලනයට ලක් කිරීම සඳහා තමන් ගෙනගිය වැඩපිළිවෙළට මාධ්‍යයේ සහය නොලැබුණු බවත් මිල අඩුකරන විට පත්තරවල,ටී.වී වල හෙඩ් ලයින් ලෙස ඒවා නොයන නමුත් ඩොලරයේ අගය උච්ඡාවචනය වීම තුළ ඖෂධ මිලේ සුළු හෝ වෙනසක් වුවහොත් එය නම් හෙඩ් ලයින් ලෙස මාධ්‍යය පාවිච්චි කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එක් පිළිකා රෝගියෙකු වෙනුවෙන් වසරකට ඖෂධ සඳහා වෙන් කෙරුණේ රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් බවත් අද එම අගය රුපියල් ලක්ෂ 450 ක් දක්වා වැඩිවී තිබෙන බවත් කී ඒ මහතා මෙය සිදුව තිබෙන්නේ රෝගීන් වැඩිවීම නිසා නොව රෝගීන් වැඩිපුර කාලයක් ජීවත් වීමේ වරම් ලබා සිටීම නිසා බවද පැවසුවේය.

රෝහල් වල ඖෂධ හිඟයක් තිබුණොත් ඒවා ගැන මහ ඉහළින් වාර්තා කරන මාධ්‍යය රෝහල් වල ඖෂධ හිඟයක් නොමැති බව රටට නොකියන්නේ ඇයිද කියා තමන් ප්‍රශ්න කරන බවද ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකා රෝග ප්‍රතිකාරයට ගන්නා මිල අධික බෙහෙත් මිල පහළට.
පිළිකා රෝග ප්‍රතිකාරයට ගන්නා මිල අධික බෙහෙත් මිල පහළට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5Ypz03DOfSngt1YCwIvLiDLfkzai7R-btbuMtHwwEv2apK40xncfC1gA6EBVQIts2M8Uu0xDRElhVIiDjc1sv6IRdgKwqL2cBB4PLnjqSdYi9qtvxOqcCM35CKqRiiRVVeUesBHQVbjL5/s1600/o-PROSTATE-CANCER-BREAKTHROUGH-570.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5Ypz03DOfSngt1YCwIvLiDLfkzai7R-btbuMtHwwEv2apK40xncfC1gA6EBVQIts2M8Uu0xDRElhVIiDjc1sv6IRdgKwqL2cBB4PLnjqSdYi9qtvxOqcCM35CKqRiiRVVeUesBHQVbjL5/s72-c/o-PROSTATE-CANCER-BREAKTHROUGH-570.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy