රට ගොඩනැගීමට අවශ්‍ය නම් මුලින්ම එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට 2030දී භාර කරන බවත් එක්සත...
රට ගොඩනැගීමට අවශ්‍ය නම් මුලින්ම එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට 2030දී භාර කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එජාප 72වැනි සංවත්සරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවත් ඔහු පවසයි.
2015 දී භාර ගත්තේ අත්හැර දැමූ කුඹුරු යායක් වුවත් එය වගා කර දැන් අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS