පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා රජය මගින් පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව පරාජය විම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්...
පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා රජය මගින් පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව පරාජය විම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (25) පස්වරුවේ මස්කෙලිය නගරයේ රෝයල් හෝටලයේදි එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදීය.
මෙහිදි අදහස් දැක්වු නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පත් විමේදි මේ රටේ ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජය විමත් සමග උල්ලංඝනය කර ඇති බවයි.
මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විමෙන් මේ රටේ යලිත් දේශපාලනඥයන් දුෂනයට පෙලබවිමට ඉඩ ඇති බවත් පලාත් පාලන මැතිවරණය පැවැත් වු ක්‍රමයටම පලාත් සභා මැතිවරණය පවත්වන ලෙසයි මෛත්‍රි ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.
අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පතාලය රජකරවන බවත්, පොලිස්පති පුජිත ජයසුන්දර මහතා බලයේ සිටිනතාක්කල් මේ රටේ පොලිසියට ස්වාධිනව කටයුතු කිරිමට අවස්ථාව නොලැබෙන බවද මෛත්‍රි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසී ය.
COMMENTS