දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එටිසලාට්, එයාර්ටෙල් සහ හච් අනතුරේ.
Homeගොසිප්

එටිසලාට්, එයාර්ටෙල් සහ හච් අනතුරේ.

PropellerAds

එටිසලාට්, එයාටෙල් සහ හච් යන ජංගම දුරකථන සමාගම් තුනම බරපතල කඩා වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ අතරින් එටිසලාට් ආයතනයේ තත්ත්වය බරපතල බව ...

දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්
සිසුවිය නඩුවෙන් දිනුම් : සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.
දෙවරක්ම ජනාධිපතිවූ මහින්ද : ගමට නොකළ දෙයක්!


එටිසලාට්, එයාටෙල් සහ හච් යන ජංගම දුරකථන සමාගම් තුනම බරපතල කඩා වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ අතරින් එටිසලාට් ආයතනයේ තත්ත්වය බරපතල බව පැවසෙන අතර එහි සේවකයන්ගේ රැකියා ද අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් යන සමාගම් සමඟ තීරක බලය රජය සතුව පැවතීම මෙම ආයතන කඩා වැටීමට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

එසේම ඉකුත් රජය මගින් භාරතීය එයාටෙල් සමාගමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමට ලබාදුන් අවස්ථාව මේ බිඳවැටීමට බරපතල ලෙස බලපා ඇති බව පැවසේ.

එටිසලාට්, එයාටෙල් සහ හච් යන සමාගම් තුනම තම සමාගම් වෙනත් ආයෝජකයෙකුට විකුනා දැමීම, ප්‍රාදේශීය මෙහෙයුම් වියදම අවම කිරීම උදෙසා තම පිවිසුම් ජාල (Access Network Sharing and National Roaming) හවුලේ භාවිතා කිරීම, තවත් ජාලයක් අත්පත් කරගැනීම (Acquiring) සහ ඒකාබද්ධ (Merger) මෙහෙයුම් යන විවිද විසඳුම් සඳහා උත්සාහ කලද බලපෑ වෙනත් අර්බුද හමුවේ මෙම උත්සාහයන් ද මේවන විට අසාර්ථව ඇති බව වාර්තා වේ.

සමාගම් තුන බිඳවැටුණේ රජයේ ප්‍රතිපත්ති නිසා ?

මේ තත්ත්වයන් තවත් තීවුර වී ඇත්තේ 2009 සිට දුරකතන ගාස්තු නියාමනය සඳහා රජය මැදිහත්වීම හේතුවෙන් වසර කිහිපයක සිටම දුරකතන ගාස්තුවල ඉහලයෑමක් සිදු නොවීම බව සංනිවේදන විශේෂඥයන්ගේ අදහස වී ඇත.

එසේම රජය නියාමනය නොකරන VAS සහ දත්ත සේවා වල ගාස්තු තරඟකාරීව පහල යෑමත් සමග කුඩා සමගම් තුනම තව තවත් අර්බුදයට ලක්ව ඇති බවද ඔවුහු කියති.

සමාගම් ගාස්තු සංශෝධනය කිරීමට සැරසුනද මොබිටෙල් සමාගමේ මැදිහත්වීමෙන් එම අවස්ථා වැලැකී ගිය බවද පැවසේ.

අනෙක් පසින් විදුලි ගාස්තු, රජයේ බදු, රුපියල පහල වැටීම (සියලු සන්නිවේදන උපකර ආනයනය කරනු ලබයි ) සහ වෙනත් ඉහලගිය සේවා ගාස්තු නිසා මෙම සමාගම් වලට සිදුවන්නේ අසල්වැසි ඉන්දියාව මෙන් සේවාවන්ගේ ගුණාත්මක බව අඩු කිරීමටත් අනෙක් පසින් සේවක වරප්‍රසාද කපාහැරීමත් සිදුව ඇති බව සංනිවේදන විශේෂඥයන්ගේ අදහස වී ඇත.

මේ අර්බුදයෙන් ගොඩඒමට නොහැකිවූයේ හච්, මොබිටෙල් විසින් අත්පත් කරගැනීමට ගන්නා ලද උත්සාහය, එයාටෙල් සහ ඩයලොග් එකාබද්ධ මෙහෙයුම් උත්සාහය, හච් සහ එටිසලාට් එකාබද්ධ මෙහෙයුම් උත්සාහය සහ හච් 4G LTE සන්නිවේදන උපකරන නිශ්කාශනය කිරීමේ අර්බුදය යන සියලු කාරණාවලට විදුලි සංදේශ නියාමනයේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් තීරක බලය රජය සතුවීම බවද පැවසේ.

මෙරට පලමුවරට පුද්ගලික සන්නිවේදන සමාගමක් ආයෝජනය කරනු ලැබුවේ අසූව දසකයේ අග භාගයේදියි.

එතැන්සිට 2008 වසර දක්වා ජංගම දුරකතන සේවා සපයන පුද්ගලික සමගම් තුනක් සහ එක් රාජ්‍ය සමාගමක් ඇතුලුව සමාගම් හතරක් විශේෂ අභියෝගයක් නොමැතිව සිය මෙහෙයුම් සිදුකරනු ලැබීය.

එවකට පාරිභෝගිකයාට අවාසියක්ව පැවැතියේ ලැබෙන ඇමතුම් සඳහා සියලු ජාල ගාස්තු අයකිරීමය.

විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ එවකට පැවැති රජයට මෙය විසඳීමට සැබෑ උවමනාවක් තිබුනේනම් මෙම අවාසිදායක තත්වය පාරිභෝගිකයින් වෙනුවෙන් වෙනස්කල හැකිව තිබූ බව විදුලි සංදේශ විශේෂඥයින්ගේ මතය වේ.

එතෙක් පැවැති විදුලි සංනිවේදන සමාගම් අර්බුදයට ලක්වූයේ භාරතී එයාර් ටෙල් සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව බව පැවසේ.

එයාර්ටෙල් පැමිණීමත් සමඟ මුලින්ම එටිසලාට් සමාගම (එවකට ටීගෝ) ලැබෙන ඇමතුම් සඳහා ගාස්තු ඉවත් කරනුලබන අතර අනෙක් සමාගම්ද එය අනුගමනය කරමින් ලැබෙන ඇමතුම් ගාස්තුව ඉවත්කරනු ලැබීය.

ඒවන විට රුපියන් පහත් හතත් අතර පවතින ගන්නා ඇමතුම් ගාස්තුව ද එයාටෙල් ජාලය රුපියල් 2.50 ට අඩුකිරීමට කටයුතු කළේය.

මේ තත්ත්වය හේතුවෙන් සියලු සමාගම් යම් යම් අර්බුද වලට ලක්වන අතර ඩයලොග් සමාගම දෙවරක් සේවක කප්පාදුවක් සිදුකරනු ලබයි.

මොබිටෙල්හි කොන්ත්‍රාත් සහ මැනේජ් සර්විස් අර්බුදය, හච් සම්මගමේ මූල්‍ය ගැටලු යන සියල්ලටම පදනම වන්නේ සමාගම් අතර තරකාරී බවය.

මේ අතර අදවන විට සන්නිවේදන සමාගම් මුහුනදී තිබෙන්නේ ගෝලීය අර්බුද වලට ද මැතිව තිබේ.

අනවශ්‍ය VAS සේවා මගින් ගසාකෑම ඒ සඳහා නිදසුනක් බව සංනිවේදන විශේෂඥ මතය වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එටිසලාට්, එයාර්ටෙල් සහ හච් අනතුරේ.
එටිසලාට්, එයාර්ටෙල් සහ හච් අනතුරේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibL40c-Tes5bM-Lg4PgqappefcJ_vnefoRHN3r4I4p-Gic9c171qmqkSTVCg90n3khZMfQO55sde5Cicw2DA372lfSnF-QHZG7-GqQLeKzjutW8wKensEwrLxBX3qLXMzl4a5KollmjPHk/s1600/etisalat-hutch-airtel.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibL40c-Tes5bM-Lg4PgqappefcJ_vnefoRHN3r4I4p-Gic9c171qmqkSTVCg90n3khZMfQO55sde5Cicw2DA372lfSnF-QHZG7-GqQLeKzjutW8wKensEwrLxBX3qLXMzl4a5KollmjPHk/s72-c/etisalat-hutch-airtel.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy