දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දකුණු පළාතට : බසුත් නෑ, රියදුරොත් නෑ, කොන්දොස්තරලත් නෑ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11ක බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 103 දෙනෙකුගේ පමණ සේවක හිඟයක් පවතින අතර ...



ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11ක බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 103 දෙනෙකුගේ පමණ සේවක හිඟයක් පවතින අතර ගාල්ල හා අකුරැස්ස ඩිපෝවලට මෙම සේවක හිඟය දැඩිව බලපා ඇත.

බස් රථවල මෙන්ම ඇතැම් ඩිපෝවල කාර්මිකයින් ගේ හා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ සේවක හිඟයක් පවතින බව සඳහන් කරන ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු වසන්ත විරසිංහ මහතා කියා සිටියේ කෙතරම් ගැටලු පැවතියද මගී ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා කටයුතු කරන බවයි.

වසර පහක් පැරණි බස් රථ අබලන්වී ඇති බව පවසන ඒ මහතා එම බස් රථ අලුත්වැඩියා කරමින් ධාවන කටයුතු සඳහා යොදා ගන්නා බවද සඳහන් කළේය. එහෙත් හදිසි ආපදාවට ලක්වන බස් රථ වෙනුවට එම මාර්ගවල ධාවනය කිරීම සඳහා බස් රථ නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

"ශ්‍රී ලංගමය පමණක් නෙවෙයි රුහුණු ප්‍රාදේශිකයත් වසර 43කට පසුව ලාභ ලැබුවේ මේ වසරේ. බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ගැටලු තිබුණත් අපි මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දෙනවා. පසුගිය කාලයේ අලුතෙන් බස් රථ 52ක් විතර රුහුණු ප්‍රාදේශිකයටත් ලැබුණා. නමුත් අපට තවත් අලුතෙන් බස් රථ 100ක් විතර අවශ්‍ය වෙනවා. පැරණි බස් රථ අලුත්වැඩියා කරගෙන ධාවනය කරනවා.තනි දොරේ බස් රථවල තමයි හිඟයක් තියෙන්නේ. ශ්‍රී ලංගම සේවකයින්ගේ ප්‍රසාද මුදල අපි රුපියල් 5000 දක්වා වැඩි කළා. දැන් රුහුණු ප්‍රදේශිකය මගින් සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවනවා. ආර්ථ සාධක අරමුදලට නියම අයුරින් මුදල් බැර කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා කරන මඟ පෙන්වීම අගය කළ යුතුයි"යැයි වසන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණු පළාතට : බසුත් නෑ, රියදුරොත් නෑ, කොන්දොස්තරලත් නෑ.
දකුණු පළාතට : බසුත් නෑ, රියදුරොත් නෑ, කොන්දොස්තරලත් නෑ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEYlqGXppZfNMnN4rV9t1bl7DCcr4hjLr0kOewPd2vTP601PfxiPI4YSaSAnFqwx2bhDaiqVQSDd7CqZ6qXUjJKRCc9zl-YTXm7IkuhJLH-VlKnsQlodsRnX7GD3IzUk4nub7MsVmwAl_v/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEYlqGXppZfNMnN4rV9t1bl7DCcr4hjLr0kOewPd2vTP601PfxiPI4YSaSAnFqwx2bhDaiqVQSDd7CqZ6qXUjJKRCc9zl-YTXm7IkuhJLH-VlKnsQlodsRnX7GD3IzUk4nub7MsVmwAl_v/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_63.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_63.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy