පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ ලෙස වැඩ කළ බවත් ඔහුව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කර හෝ වැඩ ගත යු...
පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ ලෙස වැඩ කළ බවත් ඔහුව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කර හෝ වැඩ ගත යුතු බවත් මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි.
නගරාධිපතිවරයා මේ බව පැවසූවේ මාතලේ මහ නගර සභා මාසික සභාව ඊයේ (14) නගර සභා රැස්වීම් ශාලාවේදී රැස්වු අවස්ථාවේදීය.
එහිදී ඩල්ජිත් අලුවිහාරේ (එජාප) මහතා මෙසේද පැවසීය.
“පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරලා හරි වැඩ ගත යුතුයි”
මෙහිදි අදහස් දැක්වමින් විපක්ෂ නායක පාලිත ජයසේකර මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සඳහන් කළේ “ගෝඨාභය මහත්තයා අගය කිරිම පිළිබද ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියේදී එතුමා ජනාධිපති කරගෙන ඉදිරි වැඩ ටික කර ගනිමු. අද කාලගුණය වගේමයි දේශපාලනයත් කොයි වෙලේ වෙනස්වෙයිද කියන්න බෑ”
COMMENTS