රට වෙනුවෙන් භික්ෂූන් වහන්සේ දිනපතා අවදියෙන් සිටින බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ ර...
රට වෙනුවෙන් භික්ෂූන් වහන්සේ දිනපතා අවදියෙන් සිටින බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ එම සංඝ සභාවේ අනුනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් වෙත ඊට අදාළ විජිනි පත පිළිගැන්වීමේ උත්සවයට ඊයේ කළුතරදී එක්වෙමිනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණ කළුතර - දෙදියවල ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදිය.
එහිදී ජනාධිපතිවරයා එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ධර්මශාලා මන්දිරයද සඟ සතුකොට පූජා කළේය.
මෙහිදී අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නියම කළ සිර දඩුවම සම්බන්ධවද අදහස් පැවසීය.
“සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙක් වුණත් ඔබතුමාටත් යම් විවේකයක් තිබෙන අවස්ථා ඇති. නමුත් මේ රටේ භික්ෂූන් වහන්සේලා කියන්නේ 365 දවසෙම ඔන් කෝල් ඉන්න අය අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය තුළ විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වෙනවා. වර්තමානයේ යම්කිසි නඩු කටයුත්තකට සම්බන්ධ වෙලා සිටින ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේ අපේ කෝට්ටේ සංඝ සභාවේ ශ්‍රීමත් ජනාධිපතිතුමනි ජනාධිපතිතුමාට ලැබිච්ච වරප්‍රසාද පදනම් කරගෙන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එවකට ප්‍රසිද්ධ පාතාල නායකයෙක් වෙච්ච ගෝනවල සුනිල්ට සමාව ලබාදුන්නා පමණක් නොවෙයි සමස්ත ලංකා සාමවිනිසුරු පදවියකුත් ප්‍රදානය කළා. අපේ ශ්‍රිමත් ජනාධිපතිතුමා ඔබතුමාගේ ජීවිතය විනාශ කරන්න ආපු ත්‍රස්තවාදී නායකයා ශිවරාජා ඔබතුමාගේ බලතල පාවිච්චි කරලා එතුමාට නිදහස ලබාදුන්නා. මා ඊට වඩා යමක් කියන්නේ නැහැ මා කියන කාරණය ඔබතුමා ඇතුළු සියලුදෙනාට වැටහෙනවා ඇති.’’
COMMENTS