දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීහූ 84,000 ක් එක්වෙති.

රාජ්‍ය නිලධාරීන් අසුහතර දහසක් පමණ දෙනා මේ වන විට  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු  අදියර (LGN2.0) සදහා  නිල වශයෙන් ලියාපද...


රාජ්‍ය නිලධාරීන් අසුහතර දහසක් පමණ දෙනා මේ වන විට  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු  අදියර (LGN2.0) සදහා  නිල වශයෙන් ලියාපදිංචි වී සිටින බව අනාවරණය වේ.

කාර්යක්ෂම පුරවැසි සේවාවන් සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම කඩිනම් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.

ලංකා රාජ්‍ය  ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ රාජ්‍ය ආයතන 860 ක් එකිනෙකට සම්බන්ධ කෙරේ.

මේ බව අනාවරණය වුයේ රාජ්‍ය ආයතනයන්හි  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යෑම සදහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා දිවයිනේ පළාත් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර තිබෙන වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුවේදීය.

මෙම වැඩමුළුව  බස්නාහිර පළාතේ තෝරාගත් රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම වැඩමුළු  මාලාව සංවිධානය කර තිබේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල,  කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ මෙම ලංකා රාජ්‍ය ජාල  ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට   ජාල ගත කර තිබේ.

ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම මෙම ව්‍යාපෘතිය පිලිබඳ පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙක් වශයෙන්  පත්කිරීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය ඇමතූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා:

“ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ පළමු සංස්කරණයේදී රාජ්‍ය ආයතන 550ක් පමණ ජාල ගත වුණා. දෙවන සංස්කරණයේ පළමු  අදියරේදී එය 860 දක්වා වැඩිවුණා.මෙම ව්‍යාපෘතිය නිමාවන විට රාජ්‍ය ආයතන 3500ක් පමණ සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා. එසේම ව්‍යාපෘතිය ආරම්භයේදී ලබා දී තිබෙන දත්ත හුවමාරු කිරීමේ  වේගයන් සහ ධාරිතාවයන් අවශ්‍යතාවයන් මත ඉදිරියේදී   වැඩිකිරීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී ලංකා රාජ්‍ය මේඝයෙහි (Lanka Government Cloud ) දත්ත ගබඩා කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට අපේක්ෂා කරනවා.“

මෙම සම්මන්ත්‍රණය ඇමතූ විදුලි සංදේශ ඩිජිටල් යටිතල්  පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් රුද්‍රිගූ මහතා:

“විශේෂයෙන් සදහන් කරන්න ඕනේ මෙම ව්‍යෘපෘතිය සදහා විශාල වශයෙන් මහජන  බදු මුදල් වැය කර තිබෙනවා. එහෙම නම් මෙහි  ප්‍රතිලාභයන්  පුර්ණ වශයෙන් ජනතාව වෙත ලබාදීමේ වගකීමක් සහ යුතුකමක්  රාජ්‍ය නිලධාරීන් වෙත පැවරී තිබෙනවා. අපි පාවිච්චි කරමින් තිබෙන  ජංගම දුරකථනයක් පරිගණකයක්  ටැබ් එකක් වෙනුවට අළුත් දෙයක් ගත් වහාම  අපට යම් නුහුරු බවක් දැනෙනවා. ඒත් ටික කලක් යන විට අප ඊට හුරු වෙනවා. මෙම ව්‍යපෘතිය ගැනත් එහෙම සිතා වැඩ කරන්න කියා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.“

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට  මතුවන ගැටලු සදහා හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට  තම ආයතනය නිරන්තර සුදානමෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු චින්තක ඒකනායක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  ඉෂාරී සිරිවර්ධන, බුද්ධික ද අල්විස්   යන මහත්ම මහත්මීන්ද මෙහිදී සම්මන්ත්‍රණය ඇමතූහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීහූ 84,000 ක් එක්වෙති.
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීහූ 84,000 ක් එක්වෙති.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxy55GBbBUmHqVrHDOhAqITChA0PZtq7ybqo_qynPC2zk3jub_BD6BXs7A40KTsf-QkUysj-ywCAz7iWYGtu_urkOpVMzsiQD-6G0Okj7IloSqZagPDylleuJlI8qIDlSAe94XJ4OhtSxI/s1600/ICTA-LGN-2.0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxy55GBbBUmHqVrHDOhAqITChA0PZtq7ybqo_qynPC2zk3jub_BD6BXs7A40KTsf-QkUysj-ywCAz7iWYGtu_urkOpVMzsiQD-6G0Okj7IloSqZagPDylleuJlI8qIDlSAe94XJ4OhtSxI/s72-c/ICTA-LGN-2.0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/84000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/84000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy