මුලතිව් සුදන්දිර පුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය බවට සැකෙරෙන පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක දින 3 ක් පුරාවට සිදු කි...
මුලතිව් සුදන්දිර පුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය බවට සැකෙරෙන පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක දින 3 ක් පුරාවට සිදු කිරන ලද කැනීමකදී කොටි සංවිධානයට අයත් විවිධ වර්ගයේ බෝම්බ ඇතුලු යුද උපකරණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේදී පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාල ස්ථානයේ පසුගිය 18 වනදා සිට දින 3 ක් පුරාවට කැනීම් කටයුතු සිදු කරනු ලැබීය.
පළමු දියේදී කොටි සංවිධාන විසින් නිශ්පාදිත බබා මෝටාර් නැමති විශාල වර්ගයේ මෝටාර් බෝම්බ දෙකක් ඇතුලු යුද උපකරණ කිහිපයක් හමු වූ අතර පසුව සිදු කරන ලද කැනීම් වලදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද විවිධ වර්ගයේ බෝම්බ රැසක් සොයාගෙන ඇත.
සොයාගත් කොටි බෝම්බ අතර කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද විවිධ වර්ගයන්ට අයත් කාලතුවක්කු උණ්ඩ, අත්බෝම්භ, දුම් බෝම්බ, පැරා බෝම්බ, යුද ටැංකි නාශක බෝම්බ, මෙතෙක් හඳුනා නොගත් විවිධ වර්ගයේ බෝම්බ, විශාල වර්ගයේ පීඩන බෝම්බ, ක්ලේමෝ බෝම්බ, පුපුරණද්‍රව්‍ය, විවිධ වර්ගයන්ට අයත් මෝටාර් උණ්ඩ, බිම් බෝම්බ, ඇතුලු කොටි සංවිධානය විසින් පුහුනු කොටි කඳවුර පවත්වාගෙන ගිය යුද උපකරණ රැසක් මෙම ස්ථානයේ තිබී ගොඩ ගනු ලැබීය.
කෙසේ වෙතත් අදාල ස්ථානයේ තිබී ගොඩගත් යුද උපකරණ මගින් අනාවරණය වී ඇත්තේ කොටි සිවිධානය විසින් ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති බවටත් පුහුණු කොටි සාමාජිකයින්ට සියලු බෝම්බ පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා සියලුම බෝම්බ වර්ගයන්ට අයත් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය ඇතුලත් ගබඩාවක් එම ස්ථානයේ ස්ථාපිත කර තිබූ බවට නාවික හමුදාව සැක පල කොට සිටියි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS