කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම , ගුවන් යානා වල ගමන් වලට බාධා ඇති කරන නිසා , මෙම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැලකී සි...
කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම , ගුවන් යානා වල ගමන් වලට බාධා ඇති කරන නිසා , මෙම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැලකී සිටින්නැයි ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ සරුංගල් වාරය , දෙවන පාසැල් නිවාඩු සමයත් සමග ආරම්භ වීමට නියමිත හෙයින් , පසුගිය වසර වල අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන තිබේ .
මඩවල , මාදුව , කළහපිටිය , පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්‍රදේශවල වල මෙම සරුංගල් යැවීම ඉදිරි අගෝස්තු මාසය තුළ බහුලව සිදු වන හෙයින් , එම ප්‍රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානා වල පැටලී අනතුරු සිදුවිය හැකි බැවින් , ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු බව කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය .
විශාල සරුංගල් ඉදිරි කාල වලදී විශාල වශයෙන්, උදෑසන සිට සවස් වනතුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ යැවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ මෙන්ම ගුවන් යානා වල රේඩාර් පද්ධති වලට, මෙම සරුංගල් අපැහැදිලි , අවුල් සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS