හෙරොයින් මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 100ක් ළග තබාගෙන සිටි සංචාරක මග පෙන්වන්නෙකු ගාල්ල දිසා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අ...
හෙරොයින් මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 100ක් ළග තබාගෙන සිටි සංචාරක මග පෙන්වන්නෙකු ගාල්ල දිසා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හික්කඩුව වවුලුගොඩ ප්‍ර දේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හතලිස් හය හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වි සිටින අයෙකු බවද පොලිසිය කියයි. මත්කුඩු චෝදනා සම්බන්දයෙන් මහාධිකරණයේ මොහුට එරෙහිව නඩු හතරක් විභාගවෙමින් පවතින බවද පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා මෙන්ම මොහුගේ මව, බිරිද හා දරුවකුටද මත්කුඩු සම්බන්දයෙන් චෝදනා එල්ල වි ඇති බවද පොලිසිය පවසයි.
(ලලිත් චාමින්ද)
COMMENTS