ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ, ප‍්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා හා රූපවාහිනි න...
ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ, ප‍්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු, හේමාල් රණසිංහ එම සමාගම සමග පසුගියදා අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කෙරුණි. කොළඹ පිහිටි පීීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවූ එම ගිවිසුම්ගතවීමට පීීපල්ස් ලීසිං සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ‍්‍රහිිම් මහතා හා ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නළු හේමාල් රණසිංහ අත්සන් තැබූහ.
පීපල්ස් ලීසිං සමාගම සමග අත්සන කළ එම අවබෝධාත්මක ගිිවිසුමට අනුව ඉදිරි වසරේ එම සමාගමේ නිෂ්පාදන හා මූල්‍ය සේවා සඳහා ප‍්‍රචාරණ හා ප‍්‍රවර්ධන කටයුතු සඳහා ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු හේමාල් රණසිංහ තම දායකත්වය සපයනු ඇත. ජනප්‍රිය හා සම්මානනීය රංගන හා නර්තන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකුවන හේමාල් රණසිංහ, ‘දෙරණ සිනමා උළෙලෙ’හි වඩාත් ජනප්‍රිය නළුවා හා හොඳම නළුවාට හිමිවන විචාරක සම්මාන හා සරසවිය සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තෙකි. ඉතා මෑතකදී ඔහු ‘දෙරණ සිනමා උළෙල - 2018’ හි වඩාත් ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හා ‘පීපල්ස් සම්මාන උළෙලේ’දී වඩාත් ජනප්‍රිය නළුවා ලෙස සම සම්මානයට පාත‍්‍ර විය. ඔහු රගපෑ ජනපි‍්‍රය සිනමා කෘති අතර ‘ආදරණීය කතාවක්’, ‘ප‍්‍රවේගය’, ‘සුපර් සික්ස්’ හා ‘දේදුණු ආකාසේ’ කැපී පෙනෙන නිර්මාණ වෙති.
COMMENTS