දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?
Homeප්‍රවෘත්ති

ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?

PropellerAds

උතුරු පළාත් සභාවේ ආනන්දි සෂිහරන් අමාත්‍යවරියට පිස්තෝලයක් ලබා දීම නිසා ඇයට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියට සිදු වූ සිදු වීමට වඩා විශාල හානි...

මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්
"ජනතාව තීරණය කරනකල් මහින්දට ඉවසන් ඉන්න වෙනවා" -ෆොන්සේකා
ජනපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දයාසිරිගෙන් ඉඟියක්
ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?

උතුරු පළාත් සභාවේ ආනන්දි සෂිහරන් අමාත්‍යවරියට පිස්තෝලයක් ලබා දීම නිසා ඇයට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියට සිදු වූ සිදු වීමට වඩා විශාල හානියක් සිදුවිය හැකි බව උතුරු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 16 දා පළාත් සභා සසිවාරයේදී අදහස් දක්වමින් කියා සිටියහ.

ආනන්දි සෂිහරන් අමාත්‍යවරියගේ ස්වාමිපුරුෂයා වූ එස්,එළිලන් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකු වීමත් දැනට අතුරුදහන් වී සිටින ඔහුව ලබා දෙන මෙන් ඉල්ලා ඇමතිවරිය රජයට එරෙහිව විරෝධතා දැක්වීමත් නඩු කීමත් නිසා මේ අවස්ථාවේදී පිස්තෝලයක් ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවක් නොවන්නේයැයි පළාත් සභා සැසිවාරයේදී කියවිණි.

විජයකලා මහේස්වරන් අමාත්‍යවරිය  එල්.ටී.ටී.ඊ.සංවිධානය හා එහි නායකයා හොද බව පැවසීමෙන් ඇයට අමාත්‍ය ධුරයද නැති වූ බව කියා සිටි විපක්ෂයේ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ආනන්ද සෂිහරන් අමාත්‍යවරියට වැරදීමකින් හෝ යම් ප්‍රකාශයක් සිදුවුවහොත්  පිස්තෝලයෙන් නැවතත් උතුරු පළාතේ ආයුධ සන්නද්ධ අරගලයක් කිරීමට ඇමතිවරිය උත්සහ දරණ බව කියමින් පළාත් සභා අමාත්‍යධුරය අහිමි කිරීමටද ඉඩ ඇති බව ද මේ අදහස් දැක්වීමේදී  මන්ත්‍රීවරු කියා සිටියහ.

උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු බාර ඇමතිනී  ආනන්දි සෂිහරන් මහත්මියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් පිස්තෝලයක් දී ඇත්තේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙනි.

අවස්ථා කීපයකදීම ඇයට තර්ජන එල්ල වූ අතර ඇගේ නිවසට වාර දෙකකදීම වෙඩි තැබීමක්ද සිදු වුණි.

මේ සියළු සිද්ධීන් පිළිබදව ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය මීට බොහෝ කලකට පෙර ආරක්ෂක අමාත්‍යංශයට කළ දැණුම් දීමකට අනුව අමාත්‍යවරියට පිස්තෝලයක් ලබාදීමට තීරණය කොට තිබේ.

නමුත් පළාත් සභාවේ මන්ත්‍රීවරු තවදුරටත් කියා සිටියේ උසස් දෙමළ කාන්ත්වකට පිස්තෝලයක් ළග තබාගෙන සිටීම සංස්කෘතියට නොගැලපෙන ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් අදහස් දැක්වූ මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ එම පිස්තෝලය ලබා ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

මේ අවස්ථාවේදී ආනන්දි සෂිහරන් අමාත්‍යවරිය කිසිදු ප්‍රකාශයක් නොකොට මන්ත්‍රීවරුන්ගේ අදහස් වලට සවන් දෙමින් සිනාසෙමින් සිටියාය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?
ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?
http://am.lk/media/k2/items/cache/4d9d09a5c25901ddd990e552cb23f9e1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy