එක්සත් ජාතික පක්ෂය තුල දැනට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුල සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන...
එක්සත් ජාතික පක්ෂය තුල දැනට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුල සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් හොද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පවසයි.
නවින් දිසානායක අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (22) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ මේ රට තුල රාජපක්ෂ පාලනයක් ඇති කිරිමට එක්සත් ජාතික පක්ෂය කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.
2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු කැමැත්තක් නොමැති බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දියාරු වෙමින් පවතින පක්ෂයක් බවයි අමාත්‍යය නවින් දිසානායක මහතා මෙහිදි කියා සිටියේය.
මේ රටේ තේ අපනයනය සදහා ජපාන රජයෙන් සහන රැසක් ලබාදිමට එරට රජය තමන්ට පොරොන්දු වු බවද අමාත්‍යය නවින් දිසානායක මහතා මේ රැස්විමේදි කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS