දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුදු කොඩි සිද්ධියේ සාක්ෂිකරු නේරුට ආරක්ෂාව නැතිවී එංගලන්තයට ගිහින්.
Homeගොසිප්

සුදු කොඩි සිද්ධියේ සාක්ෂිකරු නේරුට ආරක්ෂාව නැතිවී එංගලන්තයට ගිහින්.

PropellerAds

සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිටි එකම සාක්ෂිකරු බව පැවසෙන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරු මහතා ලංකාව හැර එං...

කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක
ඊයේ වැඩිම වැස්ස කොළඹට
කවීෂා අයේෂානිගේ අවසන් ෆොටෝ ෂූට් එක (Photos)



සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිටි එකම සාක්ෂිකරු බව පැවසෙන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරු මහතා ලංකාව හැර එංගලන්තයට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු පෙරේදා (05) ඔහු ලංකාවෙන් පිටව ගොස් ඇති බව පැවසේ. 

ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධකරගනිමින් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකුටම ලංකාව තුළ තමාට ආරක්ෂාව නොමැති බව කියා සිටියද එය ආණ්ඩුවේ ප්‍රධානීන් කනකට නොගත් බවයි.

එසේම තම ආරක්ෂාවට ලබාදී තිබූ ගිනිඅවියේ බලපත්‍රය පවා දීර්ඝ කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා අවස්ථාවක් නොදුන් බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රබල අමාත්‍යවරුන්ට පවා තමා දැනුම් දුන්නද ඒ ගැන ඔවුන් අවධානය යොමු නොකළ බවද ඔහු කීය.

ඒ මහතා හදිස්සියේම ලංකාව හැරයාමට හේතුවී ඇත්තේ ඔහු සමඟ ඉතා කිට්ටුවෙන් ඔහුගේ ආරක්ෂකයකුව සිටි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූ විනයාගරාසා ප්‍රසාන්තන් නැමැත්තාට බොරු චෝදනාවක් එල්ලකර ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම බව පැවසේ.

විනයාගරාසා කාන්තාවකගේ මාලයක් කඩා ගත්ත බවට ඔහුට චෝදනා එල්ලකර තිබේ. ඔහු අම්පාර තිරික්කෝවිල් හි විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පැවසේ.

නේරු ජනප්‍රිය චරිතයක් !

රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරු මහතා දෙමළ තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයක් බව පැවසෙන අතර ඔහුට එරෙහි දේශපාලන බලවේග ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවද වාර්තා වේ.

තාත්තව මැරුවේ කරුණාගේ සෙට් එක

රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරුගේ  පියා වන දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම්, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අම්පාර - මඩකළපු දේශපාලන අංශ ප්‍රධානී එළියතම්බි නාගේන්දිරන් ලිංගරාජා හෙවත් කෞසල්‍යන් සමග කිලිනොච්චියේ පැවති සුනාමී සහන රැස්වීමකට සහභාගීව පෙරළා එමින් සිටියදී 2005 පෙබරවාරි 7 වැනිදා ඝාතනයට ලක් විය. 

ඝාතනයට සම්බන්ධ ‘දේශමාන්‍ය ඉනියභාරතී’ ?

දෙමළ විමුක්ති කොටි සංවිධානයෙන් බිඳී ගිය පසු කරුණා අම්මාන් විසින් ගොඩනගන ලද දෙමළ ජනතා විමුක්ති කොටි (TMVP) පක්‍ෂයට අයත් අම්පාර තිරුක්කෝවිල් හි පිහිටි කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් සිටි කේ පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී රොහාන් චන්ද්‍රකාත් චන්ද්‍රනේරුගේ  පියාගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරේ.

ඉනියභාරතී ඔහු රජයේ හමුදාවන් හා එක්ව ක්‍රියාත්මක වූ කරුණා පාර්ශ්වයේ අම්පාර දිස්ත්‍රික් අණ දෙන්නා ලෙස ද කටයුතු කර තිබිණි.

විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ විට ඉනියභාරති ද එහි සාමාජිකත්වය ලබා අම්පාර සංවිධායකයෙකු ලෙස පත්වීම් ලැබුවේ ය. 

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපති සම්බන්‍ධීකරණ නිලධාරියකු වශයෙන් ක්‍රියා කරමින්  “දේශමාන්‍ය”  ගෞරව නාමයෙන්ද පිදුම් ලද ඔහු නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙසද තේරී පත්ව සිටියේය.

මාධ්‍යවේදිනී මාරි කොල්වින් නේරු සුදු කොඩිවලට සම්බන්ධ බව හෙළි කිරීම

සිරියාවේ හෝම්ස් නගරයේ තිබු තාවකාලික මාධ්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාරි කොල්වින් (Marie Colvin) නම් මාධ්‍යවේදිණිය ලංකාවේ පැවති යුධ මෙහෙයුම් පිළිබඳව ද ලෝකයාට වාර්තා කර තිබිණි.

සුදු කොඩි සිදුවීම ලෝකයට හෙළිදරවු වූයේ ඇගේ මාධ්‍ය භාවිතය හේතුවෙනි. 

එම සිදුවීම පිළිබඳ හෙළිදරවු කරමින් 2009 වසරේ දී ඇය ලියු ලිපියක නේරු හා සුදුකොඩි මැදිහත්වීම ඇය හෙළිකර තිබුණේ මෙසේය.

"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දමිළ මංත්‍රීවරයකු වූ රෝහන් චන්ද්‍ර නේරුට මම දුරකථනයෙන් කථා කළෙමි. එවිට ඔහු පැවසුවේ මෙවැන්නකි. තත්ත්වය නරක අතට හැරෙන විට මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට කතා කළා. ඔහු පැවසුවේ නඩේසන්ගේ මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ තුවාල ලැබූ හා ඉතිරිවී සිටින සියලූම කොටි සාමාජිකයින්ගේ ආරක්ෂාව තමන් සහතිකකරන බවයි.

‘‘මා ඔවුන් වෙත යන්නම්.. ගොස් යටත් වී සිටින ඔවුන්ව රැගෙන එන්නම්” යනුවෙන් එවිට මා ජනාධිපතිවරයාට පැවසුවා.

ඊට ජනාධිපතිවරයා උත්තර දුන්නේ ‘‘අවශ්‍ය නැහැ. අපේ හමුදාවට සුහදශීලීබව සහ හොඳ විනයක් තිබෙනවා. ඒ නිසා ඔබ කරදර වියයුතු නැහැ” යනුවෙනි. එසේම ‘‘බොහෝ අවදානමක් සහිත ඒ ප්‍රදේශයට ගොස් ජීවිතය අනතුරට ලක්නොකර ගන්නා ලෙසද” ඔහු මට පැවසුවා.

ජනාධිපතිවරයා ඇමතීමෙන් පසු චන්ද්‍රා නේරු බැසිල් රාජපක්ෂව ද අමතා ඇත. බැසිල් රාජපක්ෂ යනු ජනාපතිවරයාගේ සොහොයුරාය. ඔහු ද නේරු හට පවසා ඇත්තේ සුදු කොඩි රැගෙන පැමිණ යටත් වන ලෙසත්, යටත් වීමෙන් පසු ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සහතික කරන බවත්ය.

මේ සියලූ පණිවිඩ සමග නේරු ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.20 ට නඩේසන්ව දුරකථනයෙන් අමතා ඇත. ඒ වන විටත් තුවක්කු හඬ මුළු වන්නිකරය පුරාම රැව් දෙමින් තිබී ඇත.

‘‘අපි සූදානම්… සුදු කොඩියක් රැගෙන ඔවුන් වෙතට යන්න” වෙඩි හඬ අතරින්ම නඩේසන් මට එසේ පැවසුවා.

‘‘සහෝදරයා.. පුළුවන් තරම් ඉහළට කොඩිය ඔසවාගෙන යන්න. ඔවුන්ට අවශ්‍ය කොඩිය දකින්නයි” යනුවෙන් එවිට මා නඩේසන්ට පැවසුවා.

මේ අනුව න‍ඩේසන් ඇතුලූ පිරිස සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණ ඇත. එසෙන්ම් ඔවුන් මිය ගියේ කෙසේද? ඒ පිළිබඳව මට තොරතුරු සැපයූ මුලාශ්‍රය වූයේ එම කණ්ඩායමේ සිටි අයෙකි.

‘‘එදා නඩේසන්, පුලිදේවන් ඇතුළු විශාල පිරිසක් සුදු කොඩි ඔසවාගෙන ශ්‍රී ලංකා හමුදාව සිටී ප්‍රදේශය වෙත පැමිණියා. නමුත් වැඩි දුරක් ඔවුන්ට එන්න වුණේ නැහැ. ශ්‍රී ලංකා යුධ හමුදාව වෙතින් නොනවත්වා එල්ලවුණු මැෂින් තුවක්කු උණ්ඩ න‍ඩේසන් ඇතුළු කණ්ඩායමේ සිරුරු දෙදරවමින් ඇතුළට රිංගා ගියා”.

‘‘නඩේසන්ගේ බිරිඳ සිංහල ජාතික කාන්තාවක්. නොනවත්වා ඇද හැළුණු වෙඩි වරුසාව මැදින් ඈ කෑ ගැසුවා. ‘‘අපි ආවේ යටත් වෙන්න.. ඇයි අපිට වෙඩි තියන්නේ” කියා. නමුත් ඉන් එහා වැඩි යමක් කීමට ඇයට හැකි වුණේ නැහැ. එ සැණින්ම ඇයත් වෙඩි වැදී බිම ඇඳ වැටුණා”.

මේ තොරතුරු සැපයූ මුලාශ්‍රය දැන් සැඟවී දිවිගෙවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරාගේ පාර්ශවයෙන් එල්ලවන තර්ජන සුලුපටු නොවන බැවින් චන්ද්‍ර නේරු ද රට හැර දමා පලාගොසින් තිබේ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුදු කොඩි සිද්ධියේ සාක්ෂිකරු නේරුට ආරක්ෂාව නැතිවී එංගලන්තයට ගිහින්.
සුදු කොඩි සිද්ධියේ සාක්ෂිකරු නේරුට ආරක්ෂාව නැතිවී එංගලන්තයට ගිහින්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqWdFXzYexnZN2GL6VFLduRGTaV8xqNUffBROrfzcr2m46DX74jqG8W__YvAcm0pgALoVi-lWQqDgFKymrVDdk-aL8m19TLE-_-58pEqbR-IufeXRg4onQisCl3K8FgtJPFyJQu5uGXi0/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqWdFXzYexnZN2GL6VFLduRGTaV8xqNUffBROrfzcr2m46DX74jqG8W__YvAcm0pgALoVi-lWQqDgFKymrVDdk-aL8m19TLE-_-58pEqbR-IufeXRg4onQisCl3K8FgtJPFyJQu5uGXi0/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy