මහරගම මහ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු හයදෙනෙකු දිවුරුම්දීමත් සමඟ මේ වන විට මහරගම නගර සභාවේ උණුසුම්...
මහරගම මහ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු හයදෙනෙකු දිවුරුම්දීමත් සමඟ මේ වන විට මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාවද කැඳවා ඇතැයි වාර්තා වේ.
මහරගම නගර සභාවට ස්වාධින කණ්ඩායම් දෙක (බයිසිකලය) යටතේ තරග කළ ජයග්‍රහණය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිය ධුර වලින් ඉවත්වී තිබේ.
ඒ අනුව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හය දෙනෙක් මන්ත්‍රීවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙයාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති අතර, ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර ඇත.
COMMENTS