ශ්‍රී ලංකා මහ බංකුවට රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නොමැති බවත්, ජනතාව ජීවත් වීම සඳහා දරන අරගලය ඔවුන් කිසිදා තේරුම් නො...
ශ්‍රී ලංකා මහ බංකුවට රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නොමැති බවත්, ජනතාව ජීවත් වීම සඳහා දරන අරගලය ඔවුන් කිසිදා තේරුම් නොගන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
රටේ ආර්ථිකය අගාධයකට මුහුණ දී ඇත්තේ මහ බැංකුවේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා බවත් එය වෙනස් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් ඵලකළේ ඊයේ (03) උතුරු කොළඹ මට්ටක්කුලිය, කාක දූපතේ පැවති ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ වර්තමානයේ මහ බංකුවේ වග කියයුතු නිලධාරීන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ මඟ පෙන්වීම් කිසිඳු සැලකිල්ලට නොගන්නා බවයි.
මහ බංකුවේ පූර්ණ ප්‍රතිසංවිධානයකින් තොරව රටේ ආර්ථිකය මෙහෙය වීම අසීරු බවද කරුණානායක මහතා පැවසීය.
රටට ආයෝජකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නොමැති බවත්, ණය ලබා ගැනීමේ දී, එම ණය මුදලට වඩා දෙගුණයක් වටිනා දේපළ රඳවා ගෙන සියයට පහළොවක පොලී ප්‍රතිශතයක් දැමීමෙන් ආයෝජකයන් සිය කර්මාන්තය හැර යන බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS