විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙ...
විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතයි විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (8) හාලිඇලදී පැවසීය.
හාලිඇල නගරයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම වැඩපිළිවෙළ යටතේ අහසින් එහා සිටින දෙමාපියන් අන්තර් ජාලය ඔස්සේ මෙරට සිටින දූ දරුවන්ට සම්බන්ධ කිරීමට කටයුතු කරන අතර විදේශගත වන සෑම පුද්ගලයකු සඳහාම නොමිලේ සිම්පතක් ලබාදී රෝමින් හරහා දෙමාපියන් සහ දරුවන් සම්බන්ධ කරන බවද පැවසීය.
මේ අනුව ළඟදීම විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිළධාරීන් මේ සඳහා ගිවිසුම් අත්සන් කරන අතර මෙමගින් විදේශවල සිටින දෙමාපියන් හා මෙරට සිටින දූ දරුවන් අතර අන්තර් සබදතා ගොඩනැගීම තුළින් ගැටලූ අවම වී හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි බවද පැවසීය.
COMMENTS