දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනිස්සු ජාතිවාදි නැහැ - දේශපාලකයොයි මාධ්‍යවේදිනුයි තමයි ජාතිවාදි
Homeදේශපාලන

මිනිස්සු ජාතිවාදි නැහැ - දේශපාලකයොයි මාධ්‍යවේදිනුයි තමයි ජාතිවාදි

PropellerAds

   2009 වසරේ පටන් මේ ගෙවුණු මැයි  18 වැනිදා දක්වාම සෑම  වසරකම මේ ප්‍රශ්නය පැන නැගුණි. ජවිපෙ කැරළි ද්විත්වයේදී මිය ගිය, ඝාතනයට ලක්වූ සිය ස...

කුඩා සිතුල්පව්වේ නිදන් හෑරීම ගැන වාර්තාවක් කැඳවයි
මෙරටට එකවර පැමිණි වැඩිම එන්නත් තොගය කාටුනායකට (PHOTOS)
සොහොන් පිටියක දිවි ගෙවන පියාගේ සංවේදී කතාව
මිනිස්සු ජාතිවාදි නැහැ - දේශපාලකයොයි මාධ්‍යවේදිනුයි තමයි ජාතිවාදි
 
 2009 වසරේ පටන් මේ ගෙවුණු මැයි  18 වැනිදා දක්වාම සෑම  වසරකම මේ ප්‍රශ්නය පැන නැගුණි. ජවිපෙ කැරළි ද්විත්වයේදී මිය ගිය, ඝාතනයට ලක්වූ සිය සගයන් සැමරීම  වරදක් නොමැති නම් LTTE සංවිධානයේ මිය ගිය පුද්ගලයන් සැමරීමට ඇති බාධාව පිළිබඳව දිගින් දිගටම සාකච්ජා කළෙමු. වාද විවාද කළෙමු. එහෙත් නිශ්චිත එළඹුමකින් තොරව එම සාකච්ජා අවසන් වන අතර නැවතත් මැයි 18 දිනය ආසන්න වන විට විරුවන් හා ත්‍රස්තවාදය අතර සාකච්ජාව ඇවිලෙයි. 
 
මේ අතරම අපි රටක්  ලෙස සංහිඳියාව ගැනද උදේ හවස මතුරමින් සිටිමු. 2009 මැයි 18 නිම වූයේ  තිස් වසරකට ආසන්න  යුද්ධයකි. සිවිල් යුද්ධයකි. එහි උතුරු දකුණු භේදයකින් තොරව ගොදුරු වූයේ මේ රටේ මිනිසුන්ය. මේ පසුබිම තුළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ කරුණු දැක්වීම වගකිව යුතු දේශපාලකයෙක් හා පුරවැසියෙක් ලෙස යෝග්‍යද? නැද්ද ? 
 
මේ පිළිබඳව අපි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟම සාකච්ජා කළෙමු. 
 
සන්නද්ධ ත්‍රස්තවාදය ආරම්භ කළේ LTTE ය නෙවෙයි ජවිපෙ!
 
"මේ රටට ත්‍රස්තවාදය ගෙනාවේ LTTE සංවිධානය නෙවෙයි. සන්නද්ධ දේශපාලන ත්‍රස්තවාදය මේ රටට ඉගැන්නුවේ ජවිපෙ. පොලිසියේ තිබුණ මලකඩ කාපු ෂොට් ගන් වෙනුවට ස්ටේන් ගන්, මැෂින් ගන් පොලිසියට ලබා දුන්නේ ජවිපෙ.  ඒවා තමයි LTTE  එකට විරුද්ධව දෙවෙනි වටේදී පාවිච්චි කළේ. දැන් අපි කියනවා LTTE ය ත්‍රස්තවාදීන් කියලා. ජවිපෙ කියනවා ඔවුන් විරුවන් කියලා...... ඒ කියන්නේ මෙතන
ප්‍රශ්නය තියෙන්නේ LTTE ය දෙමළ  වීම හා ජවිපෙ සිංහල වීමද ?"
 

 
සේනාරත්න මහතා පවසන අන්දමට මේ මතවාදී ගැටුමට ප්‍රධාන හේතුව වන්නේ ජාතිවාදයයි. ජාතිවාදී මානසිකත්වය විසින් උතුර ත්‍රස්තවාදීන් කර ඇති අතර එය දකුණ විරුවන් බවට පත් කර තිබේ. 
 
ප්‍රශ්නය වන්නේ ජාතිවාදය මේ රටේ සෑම පුරවැසියෙක්ම අනුමත කරනවාද යන්නයි. ඊට සිය දේශපාලන අත්දැකීමෙන්ම පිළිතුරු දුන් අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ජාතිවාදය තිබෙන තැන පැවසීය.
 
"මේ රටේ ජාතිවාදීන් ඉන්නේ දේශපාලකයන් හා මාධ්‍යවේදීන් අතර.........."
 

 
උතුර ගැන මට තියෙන්නේ සුභවාදී අදහසක් 
 
දකුණේ හා උතුරේ ජාතිවාදී මතවාදයන් පැවතියද අද දවස වන විට ජවිපෙ මෙන්ම උතුරත් ආයුධ පසෙකින් තබා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇති බව සේනාරත්න මහතා පෙන්වා දෙයි. එය රටක් ලෙස සතුටු විය යුතු කරුණක් බවයි ඔහු කියා සිටියේ.
 

 
දේශපාලකයෝ ජන්ද වලට තියෙන කෑදරකමට මිනිස්සු බිල්ලට දෙනවා 
 
සන්නද්ධ අරගල අවසන් කිරීමට හැකි වුවද මතවාදීමය අරගල අවසන් කිරීමට මේ දක්වා රටේ දේශපාලන ධාරාවට හැකි වී නැත. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නොවන එහෙත් දේශපාලකයන්ට අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන  ජාතිවාදයට එරෙහි විය හැක්කේද දේශපාලකයන්ටමය. 
 
ඒ අනුව ජාතිවාදයට,ආගම්වදයට එරෙහිව නැගී සිටීමට මේ රටේ සියලුම නායකයන්ට ආත්ම ශක්තියක් තිබිය යුතු බවයි රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ.
 

 
මම මහින්දට කිව්වේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න, ඔහුට වුවමනා වුණේ මුගාබේ කෙනෙක් වෙන්න  
 
රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. රාජිත සේනාරත්න යනු යුධ ජයග්‍රහණය ආපසු හරවන්නෙක් ලෙස ඔවුන් මතුකර දැක්වීය. ඊට සේනාරත්න මහතාද පවත්නා ප්‍රයෝගික වටපිටාව තුළම පිළිතුරු දුණි.
 

 
බෝම්බ ගහලත් මරන්න බැරිවුණ මාව කයිවාරු ගහන තුට්ටු දෙකේ මාධ්‍යවේදීන්ට වට්ටන්න බැහැ.
 
"මගේ ඇගේ බෝම්බ කෑලි හතරක් තියෙනවා. ඒකෙන් තුනක් ජනතා විමුක්ති පෙරමුණේ බෝම්බ කෑලි. එකක් ප්‍රභාකරන්ගේ බෝම්බ කෑල්ලක්. ඔය දෙකම තියාගෙන ඉන්න ලංකාවේ එකම පුරවැසියා මම......මට නම් ඔය බෝම්බ කෑලි හතරෙම කිසිම වෙනසක් නැහැ.. තුනක් සිංහල එකක් දෙමළ කියලා කවුරුත් කියලත් නැහැ. මම තමයි කියන්නේ තුනක් දකුණෙන් එකක් උතුරෙන් කියලා...."
 

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනිස්සු ජාතිවාදි නැහැ - දේශපාලකයොයි මාධ්‍යවේදිනුයි තමයි ජාතිවාදි
මිනිස්සු ජාතිවාදි නැහැ - දේශපාලකයොයි මාධ්‍යවේදිනුයි තමයි ජාතිවාදි
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/60b0e2dce1d9ce30fa6bb41fd12f7dda_S.jpg
https://i.ytimg.com/vi/DEudg3_uc0w/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_980.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_980.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy