එම රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සලකා මෙම යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇත. වැඩි ...
එම රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සලකා මෙම යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇත.
වැඩි වේගයකින් සහ පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත්‍රවලට හැකියාවක් ඇති අතර, එහිදී හැකිළී ඇති පෙණහළු යළි විවර වීමක් සිදුවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති. මෙම යන්ත්‍ර දේශීය මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට නියමිතය.
මේ අතර දකුණූ පළාතේ පවතින වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. දැනට ගාල්ල කරාපිටිය සහ මාතර මහ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS