දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාරක්ෂිත වගා ළිංවලට බිලිවෙන ලංකාවේ අලි
Homeදේශපාලන

අනාරක්ෂිත වගා ළිංවලට බිලිවෙන ලංකාවේ අලි

PropellerAds

  මෙවැනි අනාරක්ෂිත වගා ළිංවලට බොහෝ විට බිලි වන්නේ කුඩා අලි පැටවුන්ය. තම පැටවා බේරාගැනීමට උත්සහකරන මවු ඇතින්නියන්ද වගා ළිංවලට වැටෙන අවස්ථ...

කොටගල පුද්ගලයෙකු මරු කැද වූ මාරාන්තික රිය අනතුර - රියදුරා පලා යන්න හදලා (PHOTO)
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගණියගේ Wedding Preshoot එක මෙන්න
දේවානන්දගේ ලිපියෙන් පසු ඉරණතිව් භූමදාන වැඩේ අහෝසි වේ
අනාරක්ෂිත වගා ළිංවලට බිලිවෙන ලංකාවේ අලි

 

මෙවැනි අනාරක්ෂිත වගා ළිංවලට බොහෝ විට බිලි වන්නේ කුඩා අලි පැටවුන්ය. තම පැටවා බේරාගැනීමට උත්සහකරන මවු ඇතින්නියන්ද වගා ළිංවලට වැටෙන අවස්ථා තිබේ. රැලේ එකෙකු වැටුනනොත් ඌ බේරාගැනීමට රැලම පැමිණීම මිනිසුන්ගේ නොව අලින්ගේ පුරුද්දකි. එහෙයින් අනාරක්ෂිත වගා ළිං යනුද මෙරට අලි ගහනය අඩුවීමට බෙහෙවින්ම බලපාන ගැටලුවකි.

වගා ළිඳකට වැටුණු අවුරුදු දෙකේ අලි පැටියා

ගෙවී ගිය දිනදෙක තුළ එවැනි සිදුවීම් දෙකක්ම අප වෙත වාර්තා විය. එන පළමුවැන්න වාර්තා වූයේ සූරියවැව ප්‍රදේශයෙනි. සූරියවැව වැලිආර ප්‍රදේශයේ වගා ළිඳකට වැටී ඇතින්නක සහ අවුරුදු දෙකක් පමණ වූ අලි පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

vagalin 6

වැලිආර ප්‍රදේශයේ ඇතින්නක සහ පැටවෙකු වගා ළිඳකට වැටි සිටින බවට පසුගිය 18 වනදා සවස ලැබුණු තොරතුරකර අනුව ඇතින්න සහ පැටවා ගොඩට ගැනීම සඳහා හම්බන්තොට සහ මදුනාගල යන වනජීවී කාර්යාලවල නිලධාරින් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර අලි පැටවා සහ ඇතින්න ගොඩට ගැනීමට හැකි වී තිබේ.

ගොඩට ගත් ඇතින්න සහ පැටවා එම ප්‍රදේශයේම රක්ෂිත ප්‍රදේශයකට පලවා හැරීම සිදුකළ බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජයකුමාර මහතා කියා සිටියේය.

අනෙක් සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුරයෙනි. අනුරාධපුර කැකිරාව පොලිස් වසමේ කුඹුක්වැව ඩී - තුන වෙල්යායේ පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට වැටී ගොඩට ඒමට නොහැකිව සිටි කුඩා වන අලි පැටවකු ගොඩට ගෙන වනයට පළවා හැරීමට ගනේවල්පොල වනජීවි කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබේ.

වගා ළිඳට වැටුණු කෑම සොයාගෙන ගිය අලි පැටවා

කැකිරාව කුඹුක්වැව ඩී -තුන වෙල්යායේ පිහිටි අනාරක්ෂිත විශාල වගා ළිඳක වයස මාස 8-10 අතර වන අලි පැටවෙකු වැටී සිටින බවට ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීම මත ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ කැකිරාව පොලිසියේ නිලධාරීන් ප්‍රාදේශවාසීන් සමග පැමිණ පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව අලි පැටවා නිරුපද්‍රිතව ගොඩගනු ලැබීය.

vagalin 4

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ වනජීවී නිලධාරීන්ට ළිඳට වැටී සිටි අලි පැටියා අසල ගැවසුන මවු ඇතින්න පලවා හැරීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු විය. පැටවා ගොඩට ගැනීමෙන් අනතුරුව ඇතින්න සහ පැටවා රත්මල් කන්ද වන රක්ෂිතයට පලවා හරිනු ලැබූහ. පැටවා හා මව කෑම සොයමින් යද්දී වගා ළිදට වැටෙන්නට ඇති බවට වනජීවි නිලධාරින් සැක පහල කරයි.

කෙසේ වුවද අලි ඇතුන් වගා ළිංවලට බිලිවන්නේ දිවයිනේ වියළි කලාපයේ වන අලින් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව කණිනු ලබන අනාරක්ෂිත වගා ළිං තුළට වැටීමෙනි. වගා ලිඳක් යනු වළක් කපා ජලය ලබා ගැනීමයි. එම ළිං වටා ආරක්‍ෂිත වැටවල්, බැමි නැත. එහෙයින් කැලෑවල ඇවිද යන අලින් ඒවාට බිලිවීමේ සම්භාවිතාව වැඩිය. එහෙත් වගා ළිං වටා ආරක්ෂිත සිමෙන්ති බැම්මක් හෝ වැටක් බැඳීමෙන් මෙම විනාශයෙන් අලි ඇතුන් ආරක්ෂා කරගත හැකිවනු ඇත.

vagalin 5

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාරක්ෂිත වගා ළිංවලට බිලිවෙන ලංකාවේ අලි
අනාරක්ෂිත වගා ළිංවලට බිලිවෙන ලංකාවේ අලි
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/4cfa64251d361a346e6aca3ddbe8fc63_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy