ජනාධිපති ට්‍රම්ප් ට්විට් පණිවුඩයක් මඟින් එම ඉඟිය ලබා දී ඇත. අවශ්‍ය නම් එම දිනය දීර්ඝ කිරීමේ හැකියාවක් වුවද පවත්නා බවයි ජනාධිපති ට්‍රම්ප...
ජනාධිපති ට්‍රම්ප් ට්විට් පණිවුඩයක් මඟින් එම ඉඟිය ලබා දී ඇත.
අවශ්‍ය නම් එම දිනය දීර්ඝ කිරීමේ හැකියාවක් වුවද පවත්නා බවයි ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ.
දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ- යින් ගේ ඇමරිකානු නිල සංචාරය අතරතුර පසුගිය අඟහරුවාදා ධවල මන්දිරයේ දී දෙදෙනාගේ හමුවීම අතර ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානුවන්ගේ විවෘත එදිරිවාදීකම ගැන දොස් නගමින් සඳහන් කළේ උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර ජුනි 12 වැනිදාට නියමිත ඓතිහාසික සමුළුව නොපැවැත්වෙන බවයි.
ජනාධිපති ට්‍රම්ප් එලෙස ප්‍රතිචාර දක්වන විට උතුරු කොරියාව ඉතා ඉවසීමෙන් යුතුව සඳහන් කර තිබුණේ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයකට සාකච්ජාවට සුදානම් බවයි.
මේ පිළිබඳව ට්‍රම්ප් ට්විට් පණිවිඩයක් මඟින් කියා සිටින්නේ උක්ත සමුළුව අවලංගු නොකර එය පැවැත්වීමට ඇමරිකාව එකඟවීම නව ආරම්භයක් වනු ඇති බව දකුණු කොරියානු රාජ්‍ය නායකත්වය ප්‍රකාශ කළ බවයි.
මෙම හමුවේ ප්‍රධාන කාරණයක් බවට පත්ව තිබෙන න්‍යෂ්ටික පරීක්ෂණ හා අවි හරණය සම්බන්ධයෙන් උතුරු කොරියාව යම් සුභවාදී ස්ථාවරය පසුවන බවට විදෙස් වාර්තා අනාවරණ කළ අතර උතුරු කොරියාව සිය න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරන බලාගාරය ගිනි තබා විනාශ කරන ආකාරයේ ජායාරූප ප්‍රචාරය කර තිබුණි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS