එළඹෙන ජූනි මස 5 වන දින යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් අනුව ආණ්ඩුකාරවර කා...
එළඹෙන ජූනි මස 5 වන දින යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් අනුව ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (15) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා යාපනය නගරාධිපතිවරයා ඇතුළු මහ නගර සභාවත් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සරවේෂ්වරන් මහතා ඇතුළු සියලූම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහයෝගය ලබා දෙන අතර ප‍්‍රදේශය පුරා පැල 3000ක් පමණ සිටුවීමට කටයුතු සූදානම් කරඇත. මේ සඳහා කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී වැනි පැල තෝරා ගෙන ඇති අතර පන්නෙයි පාර, පන්නෙයි වෙරළ පාර, කෙරෙයිනගර් පාර, කොළොම්බතුරෙයි පාර, සෙන් පැට්ට‍්‍රික් වෙරළ පාර යන ස්ථාන වල මූලික වශයෙන් මෙම පැල සිටුවීම කරගෙන යනු ලබයි. අවශ්‍ය පැල වර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයනු ලබන අතර විශේෂයෙන් උතුරු පලාතේ පවතින දැඩි හිරු රශ්මිය පාලනය කර ගැනීමටත් මෙය මහත් පිටිවහලක් වනු ඇත.
මෙම පැල පළාතේ කාලගුණයටත්, පරිසරයටත්, පසටත්, ජලයටත් ඔරොත්තු දෙන ආකාරයේ පැල වර්ග වන අතර මෙය රෝපණය කිරීමෙන් පසුව යාපනය මහ නගර සභාව මගින් එම පැල නඩත්තු කර ගෙන යනු ලබයි.
මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කයේ ද පළාතේද සියලූම දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කල අතර යාපනය නගරය හරිත නගරයක් කිරීමට සියලූ දෙනාගේ සහයෝගය ලබා දෙන මෙන්ද ඒ මහතා විසින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
COMMENTS