ප්‍රචණ්ඩත්වයට ස්වයං ජනන හැකියාවක් ඇති බවත් එය විසින් නැවත නැවතත් ප්‍රචණ්ඩත්වය සහ පළි ගැනීම ජනනය කරමින් මහජනතාවගේ විශ්වාසය පළුදු කරන බවත් ...
ප්‍රචණ්ඩත්වයට ස්වයං ජනන හැකියාවක් ඇති බවත් එය විසින් නැවත නැවතත් ප්‍රචණ්ඩත්වය සහ පළි ගැනීම ජනනය කරමින් මහජනතාවගේ විශ්වාසය පළුදු කරන බවත් දිරියෙන් නැගී සිටීමේ හැකියාව දුර්වල කරන බවත් ශ්‍රී ලංකා නියෝජිතයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නියෝජිතයා විසින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය...
මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරය අද රැස්වන්නේ අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමි ප්‍රදේශවල මරණය සහ විනාශය හටගෙන ඇති, මුළු කලාපයම ප්‍රචණ්ඩත්වයෙන් හා කැළඹීමෙන් වෙලී ඇති පසුබිමක බව අපි කණගාටුවෙන් යුතුව නිරීක්ෂණය කරමු.
අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමි ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිලිබඳව උපරිම සැලකිල්ල යොමුවීමත්, සෑමවිටෙකම ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරුකොට ඒවා ආරක්ෂා කිරීමත් වැදගත්ය.
ප්‍රචණ්ඩත්වයට ස්වයං ජනන හැකියාවක් ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තව තවත් ප්‍රචණ්ඩත්වය සහ පලිගැනීම ජනනය වන්නේ මහජනතාවගේ විශ්වාසය පළුදු කරමින් හා වඩා විශාල සමාජය සතු දිරියෙන් යළි නැගී සිටීමට ඇති හැකියාව දුර්වල කරමිනි.
ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම ජීවත්වීමට ඇති අයිතිය හා සියලු පුද්ගලයන්ගේ ගෞරවය උල්ලංඝනය කිරීම නවතන ලෙසටත් ජාත්‍යන්තර නීතියට ගරු කරන ලෙසටත් අපි මේ අවස්ථාවේදී උදක්ම ඉල්ලා සිටිමු.
අප දකින ආකාරයට කලාපයේ සියලුම ජනතාවට යළි සාමය උදාවීමට නම් ව්‍යාපත්ව ඇති අභියෝග විසඳීමෙහි ලා සාධනීය විකල්පය වනුයේ සංවාදයයි. ද්වි රාජ්‍ය විසඳුමක මූලිකාංග කෙරෙහි සැලකිල්ල දක්වමින් කාර්යශීලී ආකාරයකින් සංවාදයෙහි නිරත වන්නේ නම්, එම සංවාදය සාර්ථක්තවය කරා ගෙනයෑමේ සුවිසල් හැකියාව තවමත් රාජ්‍යතාන්ත්‍රිකභාවය හා දේශපාලන නායකත්වය සතුව ඇත.
COMMENTS