රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇප මත මුදා හැර තිබේ. මන්ත්‍රීවරයා රුපියල් ...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇප මත මුදා හැර තිබේ.
මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා නියෝග කර ඇත.
2008 වසරේ නොවැම්බර් මාසයේදී ආරච්චිකට්ටුව හිටපු ප්‍රදේශීය ලේකම්වරයාට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ජගත් සමන්ත යන අයට සහ ඔහුගේ සහෝදරයා වන සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබිණි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමේදී පනවා තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ සහෝදරයාගේ ඇප අවලංගු කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට හලාවත මහාධිකරණය පසුගියදා පියවර ගනු ලැබීය.
අද දිනයේ සනත් නිහාන්ත මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරුණද ඔහුගේ සහෝදරයා වන ජගත් සමන්ත යන අය ලබන මස 07 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
COMMENTS