රනිල් බටහිර සංස්කෘතියේ මෙන්ම ක්‍රිස්තියානි හැදියාව ඔස්සේ හැදී වැඩුනු පුද්ගලයෙකි. එම නිසා ඔහු තුල අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලකයන් අතර දක්න...
රනිල් බටහිර සංස්කෘතියේ මෙන්ම ක්‍රිස්තියානි හැදියාව ඔස්සේ හැදී වැඩුනු පුද්ගලයෙකි. එම නිසා ඔහු තුල අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලකයන් අතර දක්නට නොමැති ශිෂ්ට බවක් තිබේ. ඔහු සංස්කෘතියුක්ත මිනිසෙකි. ඔහු වියාජ ලෙස පූජක පක්‍ෂය සරණ නොයන්නෙකි. ගැලරියට ආමන්ත්‍රණය නොකරන්නෙකි. ඔහු තුල තිබෙන ඉංග්‍රීසි දැණුම මෙන්ම බොහෝ පොත පත කියවා උකහා ගත් ඥානය නිසා ඔහු අන්තර්දෘෂ්ටියක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු දිවයින් මානසිකත්වයෙන් ඉවත් වූ ලෝකය කේන්ද්‍ර කොට සිතන දේශපාලාඥයෙකි. ඔහුගේ චින්තනය ගැඹුරුය.
ප්‍රශස්ථ දේශපාලාඥයෙකු ලෙස දෘෂ්ටියක් තිබුනද රනිල් වික්‍රමසිංහ තුල ඔහුට ආවේනික දුර්වලතා මෙන්ම සීමාවන් දක්නට තිබේ. තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියට රනිල් වික්‍රමසිංහ නොගැලපෙන්නේ මේ නිසාවෙනි. තවද රනිල් තුල යම් ආකාරයක සන්නිවේදන ගැටළුවක් තිබේ. එසේම ජනතාව අතරදී ඔහු තුල තිබෙන අඩු සභානුභූතිය කැපී පෙනෙයි. ඔහු තමා කේන්ද්‍ර කොට ( self centered ) තීරණ ගන්නෙකි. අන්‍යන් ගේ හැඟීම් වටහා ගැනීමේ දුබලතාවන් තිබේ. මේ නිසා ඔහු තුල මඳ වශයෙන් වර්ධනය වූ ඕටිස්ටික (Autism) ලක්‍ෂණ තිබෙන බව සැක කල හැකි සාධක තිබේ. සාමාන්‍ය ජනතාව රනිල් වික්‍රමසිංහව මිස්ටර් බීන් ලෙස උපමා කරන ලද්දේ මේ ඕටිස්ටික ස්වභාවයන් නිසාය. එසේම ඔහු අන්තර්වර්තික (introverted ) චරිතයකි. මෙවැනි චරිත තුන්වන ලෝකයේ දේශපාලන පොර පිටියට නොගැලපෙන්නෝය.
රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මෙන් බලය කෙරෙහි ආශක්ත වූ චරිතයක් නොවේ. ඔහු ඉවසිලිවන්ත හා ආකර්මණ්‍ය චරිතයකි. දේශපාලන ප්‍රවාහයන් නිර්මානය කරනවාට වඩා මතුවන දේශපාලන ප්‍රවාහය ඔස්සේ පිහිනා යාම ඔහු ප්‍රිය කරයි. බලය ලැබුණු වහාම ඔහු තමාට බලයට ඒමට පාර සකසා දුන් පුද්ගලයන් අත හැර තමන් ගේ සීමාසහිත වූ මිතුරු අභ්‍යන්තර කවය උකුලට ගනියි. මේ නිසා රනිල් පාක්‍ෂිකයන් ගේම දෝෂ දර්ශනයට ලක් වෙයි. මේ තත්වය රනිල් තුල ඇත්තේ ඔහු තම පන්තිය පදනම් කොට සිතීම නිසාය. ඔහු වඩාත්ම විශ්වාස කරන්නේ තමන් ගේ මිතුරු කවයයි. ඔවුන් අතරදී රනිල්ට සුරක්‍ෂිතභාවයක් දැනේ. තීරණ ගැනීමේදී මේ අභ්‍යන්තර කවයට ඔහු සවන් දෙයි. මේ නිසා ඔහු ඇතැම් විට හාණිදායක තීන්දු ගනී.
රනිල් බොහෝ විවේචනවලට මුහුණ දුන් පුද්ගලයෙකි. රනිල් සමරිසියෙකු බවද බටලන්ද සිද්ධිය නිසා ඔහු නිර්දය කුරිරු චරිතයක් ලෙසටද ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව විවේචනය කරති. මේ කරුණු වල සත්‍ය අසත්‍යතාව අප නොදන්නෙමු. රනිල් සමරිසියෙකු වීම වරදක් හෝ රෝගී තත්වයක් නොවේ. එය ඔහුගේ අයිතියකි. එහෙත් රනිල් ගේ ලිංගික දිශානතිය සමහරක් විට ඔහුගේ දේශපාලන තීරණ ගැනීම් වලදී ඉස්මතු වෙයි. අවිඥාණිකව සමරිසි ආශයන් යටපත් කිරීමේ වෑයමත් එම නිසා මතුවන අවිඥාණික මානසික ගැටුම් මත ඇතැම් විට කෘර ගති ලක්‍ෂණ මතු වීමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යනය කොට තිබේ. මේ නිසා යම් ලෙසකින් බටලන්ද චෝදනා සත්‍ය නම් රනිල් තුල තිබෙන නිර්දය ස්වභාවය අවබෝධ කර ගත යුත්තේ මේ අනුසාරයෙනි.
රනිල් වික්‍රමසිංහ යනු සර්ව සම්පූර්ණ දේශපාලාඥයෙකු නොවේ. එහෙත් නූගතුන් , මැරයන් , කුඩු කාරයන් , ස්ත්‍රී දූෂකයන් පිරුණු පාර්ලිමේන්තුවක රනිල් වික්‍රමසිංහ යනු සුළු වශයෙන් හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි පුද්ගලයෙකි.
COMMENTS