දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොට්ටාව යතුරුපැදි අනතුර ගැන පොලිස්පතිට ලිපියක්
Homeප්‍රවෘත්ති

කොට්ටාව යතුරුපැදි අනතුර ගැන පොලිස්පතිට ලිපියක්

PropellerAds

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී පසුගියදා (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි. යතුරු...

යාපනයේ හර්තාල්.. එළුග තමිල්ට සහාය
ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්.. එජාපෙ සුළු පක්‍ෂ පොහොට්ටුව පාමුල.. එක්වෙන්න සාකච්චා.. බදියුදීන් නොපැමිණේ !
හිටපු අගමැති දි.මු. පාර අතුගායි.. කම්කරුවෙක් කියා ජනතාව රැවටේ !
කොට්ටාව යතුරුපැදි අනතුර ගැන පොලිස්පතිට ලිපියක්

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී පසුගියදා (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි.

යතුරුපඩිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර එය මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී මේ අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ යතුරුපැදි අනතුර පිළිබඳව පළවන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මඟින් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ නිවේදනය පහතින්,

25.04.2018
ගරු. පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
කොළඹ.

ගරු. පොලිස්පතිතුමනි,

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ යතුරුපැදි අනතුර පිළිබඳව පළවන අසත්‍ය චෝදනා නිවැරදි කිරීම

2018-04-21 දින උදෑසන 9.00ට පමණ කොට්ටාව මාකුඹුර ඉන්ධන පිරවුම්හල අසල මාර්ගයේ දී යතුරුපැදිකරුවෙකු මරු කැඳවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා හා සමාජ ජාලාවල වාර්තා පළවී තිබේ. එවා බොහොමයක් චෝදනා කරන්නේ යතුරුපැදිකරු වමෙන් ඉස්සර කෙරූ නිසා එම අනතුර සිදුවූ බවයි. එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් වන අතර, එම අර්ථකථනය බලවතෙකුට අයත් විය හැකි ටිපර් රථය හා රියදුරු බේරා ගැනීමට පොලිසිය දරණ උත්සාහයක් යන්න අප වෙත දැඩි ලෙස සැක සිතේ. එම අසත්‍ය වාර්තා එම මියගිය යතුරුපැදිකරුවාට කරන දැඩි අපහසකී. සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට ගොස් අප විසින් කරණ ලද නිරීක්ෂකයන් පහතින් දැක්වේ.

  1. 1. සිද්ධිය සිදු වන්නේ A4 හයිලෙවල් පාරේ ය. එම මාර්ගය එක පසකට මංතීරු දෙකකින් යුත්, මංතීරු හතරක පුළුල් මාර්ග කී.
  2. 2. ටිපර් රථය මාර්ගයේ ගමන් ගන්නේ දකුණු මංතීරු වේය. එය සම්පූර්ණයෙන් වැරදි ය.
  3. 3. යතුරුපැදිකරු වම් මංතීරුවේ ගමන් ගන්නා බව පැහැදිලි ය.
  4. 4. යතුරුපැදිකරු ටිපර් රථයට හා අනෙකුත් වාහනවලට සාපේක්ෂ වේගයෙන් පැමිණෙන බව පැහැදිලිය. අධික වේගයක් දර්ශන තුල නොපෙනේ.
  5. 5. පැ. කී. 40 ක වේගක දී තිරිංග යෙදීමේ දුර මීටර් 20 කී. ටිපර් රථය ඇඟට කැපීමත් සමඟ යතුරුපැදිකරු ඉතාමත් බුද්ධිමත් ලෙස තම වේගය වැඩි කර වමට බර කර අවසාන මොහොත දක්වා අනතුර වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් දරණ බව එම දර්ශන නිරීක්ෂණයෙන් ඉතාමත් පැහැදිලි ය. අවාසනාවකට ටිපර් රථය ඇඟට කැපීමක් නොව මාර්ගය හරහට දැමීමක් විය. යතුරුපැදිකරුගේ එම ක්‍රියාව වමෙන් ඉස්සර කිරීමක් ලෙස සැලකීම වැරදි ප්‍රකාශයක් හා අර්ථකථනය කී.
  6. 6. ලොරි රථ රියදුරු කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව හදිසියේම දකුණු මංතීරුවේ සිට වමට හරවන්නේ වම් මංතීරුව සම්පූර්ණයෙන් අවහිර කරමින් ය. ඔහු ගමන් ගන්නා වේගයෙන් ය. ඉන්ධන පිරවුම්හලට ඇතුල් වීමට තිබෙනා අවසාන කෙරවලේ ය. හැරවීමේ පහන් දැල්වෙන පාටක් නොමැත.
  7. 7. ලොරි රථයේ රියදුරු අනතුර වළක්වා ගැනීමට කිසිවක් සිදු නොකරන අතර, ඔහු යතුරුපැදිකරුගේ ජීවිතය බේරා ගැනීමට නිසි ආකාරයෙන් තිරිංග යොදන බවක් ද නොපෙනේ.
  8. 8. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, අවට වෙළෙඳ සැල් හරහා යතුරුපැදිකරුගේ සිද්ධියට පෙර ගමනේ CCTV දර්ශන රැගෙන යතුරුපැදකරු අපරික්ෂාරී ලෙස රිය දාවණයේ යෙදී ඇති බවට ඔප්පු කර ජීවිතයක් අහිමි කෙරූ හා නැවත ටිපර් රථයක් පැදවීමට නොසුදුසු යැයි අප චෝදනා කරන එම ලොරි රථ රියදුරාට ලැබෙන දඩුවම අවම කිරීමට, ඇප ගැනීමට හා ඔහුව බේරා ගැනීමට දැවැන්ත උත්සාහයක් දරණ බවට එම ස්ථානය අවට සිටිනා ව්‍යාපාරික ස්ථානවල පිරිස් අප සංගමය වෙත නිර්නාමිකව පොලිසියට එරෙහිව චෝදනා කෙරුවේ ය.
  9. 9. එවැනි දෙයක් සිදුව ඇත්නම් ශ්‍රී ලංකා පොලිසියේ එම නිලධාරීන්ගේ හැසිරීම දැඩි ලෙස අපි හෙළා දකින අතර, මෙම අසත්‍ය තොරතුරු වාර්තා වීමද අප දැඩි ලෙස හෙළා දකිමු. පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල වාර්තාවේ පිටපතක් හැකි නම් ප්‍රසිද්ධ කරන්න. ‍යතුරුපැදිකරුවාට පුවත් තුල සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඉතාමත් කාරුණිකව ශ්‍රී ලංකා පොලිසියෙන් ද, මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් ද ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලා සිටිමු.
  10. 10. යතුරුපැදිකරුවන් වමෙන් ඉස්සර කරන්නේ සියලුම රියදුරන් වැරදි ලෙස දකුණෙන් යන නිසාය. හැමෝම (ගමන් ගන්නා දෙස හා ප්‍රතිවිරුද්ධ දිශාව) දකුණට බර කර ගෙන යන අවස්ථාවේ දකුණෙන් ඉස්සර කිරීම කෙතරම් භයානක ද? ලංකාවේ වැඩියෙන් ම යතුරුපැදි මාරක අනතුරු සිදු වන්නේ වමෙන් ඉස්සර කිරීමට යෑමේ දී ද? දකුණෙන් ඉස්සර කිරීමට යෑමේ දී ද? විද්‍යාත්මක පදනම අනුව දකුණෙන් ඉස්සර කිරීමේ දී ඇති වන ගැටීමක දී බලය = [ප්‍රතිවිරුද්ධ දෙසින් ආ වාහනයේ වේගය] + [තමන් ගමන් ගත් වේගය] වේ. නමුත් වමෙන් ඉස්සර කිරීමේ දී ඇති වන ගැටීමක දී එම බලය = [තමන් ගමන් ගත් වේගය] හෝ බලය = [තමන් ගමන් ගත් වේගය] – [අනෙක් රියදුරා ගමන් ගත්] වේගය වේ.
  11. 11. මාර්ග අනතුරුවලට සත්‍ය තත්ත්වය වසන් කරමින් රථවාහන දඩ මුදල් ඉපයීමට මෙම රජයේ රථවාහන දඩ මුදල් ප්‍රෝඩාව (පහතින් අමුණා ඇත) තුල දත්ත අනුව ලංකාවේ සමස්තයක් පරිස්සමෙන් ම රිය ධාවනය කරන යතුරුපැදිකරුවන්ට මෙලෙස එල්ල කරන අසත්‍ය චෝදනා අප සංගමය පිළිකුල් සහගතව මින් දැඩි ලෙස හෙළා දකිමු. පහත් තැනින් ජලය ගලා බැසීමට වැඩ සලසන, අනතුරක් සිදු වූ විට යතුරුපැදිය කාර් එකක් මෙන් යා යුතු යැයි කියනා, ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ අතින් සැකසෙන අනතුරු වාර්තා තුල ඇති අනතුරට මූලික හේතුව ගැන අප සංගමය කිසිදු විශ්වාසයක් නොතබන බව දැනුම් දීමට අපි කැමැත්තෙමු. විනිවිද භාවයකින් තොරව රජයේ ඔනෑ එපා කම් මත වැඩ කරනා ශ්‍රී ලංකා පොලිසියේ කෙරෙහි සමාජයේ කිසිදු ගෞරවයක් හෝ පිළිගැනීමක් නොමැත. එය නිවැරදි කර ගැනීමට උත්සහ කරන්නේ අප වැනි සිවිල් ක්‍රියා කාරීකයින් මර්ධය කිරමින් ද? පොඩි ළමුන් මෙන් තරහ වී ලිපියකට උත්තර හා තොරතුරු නොදී සිටීමෙන් ද? "මහජන මිත්‍රශීලී, වෘත්තිමය, අභිමානවත් පොලිස් සේවයක් සඳහා..." යන පොලිසියේ තේමාව ඔබේ ක්‍රියා වන් තුළින් ද ඇතැම් විට බෝර්ඩ් ලෑල්ලකට සීමා වී තිබෙන බව සමාජයට පැහැදිලි ය.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති
0773083479

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොට්ටාව යතුරුපැදි අනතුර ගැන පොලිස්පතිට ලිපියක්
කොට්ටාව යතුරුපැදි අනතුර ගැන පොලිස්පතිට ලිපියක්
http://am.lk/media/k2/items/cache/8f758eb522e0364f8d67f0ffb0b45d17_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy