යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ ප්‍රබලතමයා යාපනය පොලීසිය විසින් කොකුවිල් ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය...
යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ ප්‍රබලතමයා යාපනය පොලීසිය විසින් කොකුවිල් ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනයේ පුද්ගලයින් කීප දෙනෙකුවම කඩු වලින් කපාදමා ඔවුන්ට බරපතල තුවාල සිදු කරණ ලද්දේ මේ තැනැත්තා විසින් බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
සැකකරුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලදී “ආවා ගෲප්” කල්ලිය සම්බන්ධයෙන් වූ විශේෂ හා වැදගත් තොරතුරු කීපයක්ම පොලීසියට ලැබී ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත තවත් කීප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ මෙහෙයවා ඇතැයි යාපනය පොලීසිය කියයි.
යාපනය වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ලබන මැයි මස 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS