ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු ඊයේ (24) දින දහවල් කටුනායක ගුවන් ත...
ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු ඊයේ (24) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එහි ප්‍රකාශකවරයෙකු පැවසීය.
මෙම තරුණයා ඊයේ (24) දින දහවල් 12.20 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
මොහු යාපනය , පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි , සවරිමුත්තු සන්තියාගු පිල්ලේ ඇල්ප්‍රඩ් එඩිසන් නැමති 25 හැවිරිදි තරුණයෙකි . ඔහු එම ප්‍රදේශයේ ධීවර කාර්මික වෘත්තියේ නියැලී සිටි අයෙකි .
ඔහු පිළිබඳව සැක සිතූ ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර බලත්දී , සිංගප්පූරුවේ සිට එංගලන්තය බලා පිටත්ව යෑමට තවත් ගුවන් ටිකට් පතක් සගවා ගෙන තිබී හමුවී තිබුණි .
තවදුරටත් මෙම ගමන් මල්ල පරීක්ෂා කර බලත් දී , ඒ තුළ තිබූ ව්‍යාජ ලෙස සකස් කළ වානිජ නාවිකයන් සදහා නිකුත් කරන හැදුනුම්පත සහිත (Record Book )පොතක් ද , මොහු නාවිකයෙකු බව හගවන තවත් ව්‍යාජ සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ද තිබී එම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒ අනුව මේ ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මොහු එංගලන්තය බලා යෑමට පැමිණ ඇති බවත් , මෙම කටයුතු සංවිධානය කරමින් මෙහෙයවන , එංගලන්තයේ පදිංචි පුද්ගලයකු සිටින බවත් , අනාවරණය වීමත් සමග , මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සදහා ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම තරුණයාත් , මෙම ලිපි ලේඛන තොගය ත් , කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කාර්යාලය වෙත භාර දී තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS