දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මාධ්‍ය සමග කටයුතු කිරීමේදී දේශපාලකයන් ප්‍රවේශන් වියයුතුයි - මහින්ද අමරවීර
Homeදේශපාලන

"මාධ්‍ය සමග කටයුතු කිරීමේදී දේශපාලකයන් ප්‍රවේශන් වියයුතුයි - මහින්ද අමරවීර

PropellerAds

සමහර මාධ්‍ය ආයතන දේශපාලන අධිකාරියට හා දේශපාලකයින්ට විනාඩි ගණන් වෙන්කර තිබෙනවා තමන් කැමති අයට ඒ අවස්ථාවන් ලබා දීම සඳහා. එම නිසා අද මාධ්‍ය ...

අන්තර්ජාලයේ අලෙවි වූ දැරියව මිලට ගත්තා යැයි කී ජවිපෙ ප්‍රබලයා පිළිතුරු දෙයි
රනිල් - රතන හිමි එළවන සැලැස්මක්! කළකට පසු නාගානන්ද කරළියට
අන්තරේ සජිත් ලඟට යයි

සමහර මාධ්‍ය ආයතන දේශපාලන අධිකාරියට හා දේශපාලකයින්ට විනාඩි ගණන් වෙන්කර තිබෙනවා තමන් කැමති අයට ඒ අවස්ථාවන් ලබා දීම සඳහා. එම නිසා අද මාධ්‍ය එක්ක කටයුතු කිරීමේදී දේශපාලකයින් විදියට අපිටත් බොහොම ප්‍රවේශමෙන් තමයි කටයුතු සිදුකිරීමට සිදුවෙලා තිබෙන්නේ" යනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

එසේම රටේ ආණ්ඩු හදන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන් කණ්ඩායම් බවට අද මාධ්‍යවේදීන් වගේම මාධ්‍ය ආයතනයත් පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් , ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා මහවැලි නියෝජ්‍ය අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියේ ජාතික සංහිදියාව මෙරට ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්ය භාර්ය යන මාතෘකාව යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සඳහා සහභාගි වෙමිනි.

මෙහිදී තවදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

තමන් කැමති දේශපාලකයින් පත් කරන්න මාධ්‍යට පුළුවන්

"මාධ්‍ය ආයතන හිමිකාරිත්වයට අද පුළුවන්කම තිබෙනවා තමන් කැමැති මන්ත්‍රීවරු පාර්ලි‌‌මේන්තුවට යවන්න, තමන් කැමැති මන්ත්‍රීවරු පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට පත් කරන්න හැකියාව මාධ්‍ය ආයතනවලට හැකියාව තිබෙනව. අද පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල ඒ වගේ අවස්ථා තිබෙනවා."

ඒ වගේම මෙහිදී අමාත්‍යවරයා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිලිබඳවද අදහස් පවසීය.

මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කිරීම රජයේ යුතුකමක්

" ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉතාමත් අවංකව සිය වගකීම සහ යුතුකම ඉටු කරන්න උත්සාහයක් ගත්තා. එයාලට ප්‍රශ්න නැතුවම නෙමෙයි. සමහර වෙලාවට මාධ්‍ය වාර්තා බොහෝ අමාරුවෙන් ලියලා ඒවා ආයතනවලට යවනවා. ඒ යවන ස්ථානවල සමහර මාධ්‍යවේදීන් ගූටි කාපු අවස්ථා පවා තිබෙනවා. එහෙත් එහෙම යවපු මාධ්‍ය වාර්තාවලට පවා මුදල් ලබා ගැනීමට විශාල කාලයක් ගන්න බවට අපි දන්නවා. ඒ වගේම තමයි ඒ මාධ්‍යාවේදීන් බොහොම අසීරුවෙන් සපයන මාධ්‍ය වාර්තා නිසාම ඔවුන්ට මරණීය තර්ජන එල්ලවූ අවස්තාවන් බොහොමයන් තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව නොව සත්‍ය කතාවක් වුනොත් හිත රිදෙන ආකාරයට මාධ්‍ය වාර්තාව ඉදිරිපත වුනොත් එකේ ප්‍රතිපලය භයානක වූ අවස්ථා බොහොමයක් තිබෙනවා. මාධ්‍යවේදියෙක් මිය ගියපු අවස්ථා, ප්‍රහාර එල්ලවුණු අවස්ථා බොහොමයක් තිබෙන බව අපි දන්නවා. පසුගිය කාලවලදී මෙය සිදුවුණා. මෙය එක කාලයකට පමණක් අදාළ කරනවා නොවේ.

රජයක් විදියට අපිට වගකීමක් තිබෙනවා මේ සියලු මාධ්‍යවේදීන් පිලිබඳ කතාකරල මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන්න. ඒ වගේම පුළුවන් කාලෙදී ලියනවා. ටිකක් වයසට ගියාම ඒ අයට විශ්‍රාම ගන්න, සමහර අවස්ථාවල විශේෂ කරදරවලට මුහුණ පානවා. අවසානයට මියාගියාට පස්සේ පත්තරවල දානවා මධ්‍යවේදියෙක් මිය ගියා කියල. ඒක විතරයි ගෞරවයක් විදියට ඔවුන්ට හිමිවෙන්නේ. එම නිසා අපටත් රජයටත් සමාජයටත් යුතුකමක් තිබෙනවා ඒ අය දිගටම රැකබලා ගැනීම පිලිබඳ.

මාධ්‍යවේදීන්ටත් රට වෙනුවෙන් යුතුකමක් තිබෙනවා

ඒ වගේම මාධ්‍ය වාර්තාවල විවිධ දේවල් පලවෙනවා. මාධ්‍ය නිසා රටේ ප්‍රශ්න නිර්මාණය වූ අවස්ථා තිබෙනවා. අම්පාර ඇතිවුණු සිද්ධිය, නුවර ඇතිවුණ සිදුවීමෙන් විශාල විනාශයක් සිදුවුණ. එම නිසා හරිම ප්‍රවේශමෙන් තමයි මාධ්‍ය ආයතනයත් මාධ්‍යවේදීනුත් ප්‍රවෘත්ති පලකල යුත්තේ. මේවා නිවරදි කරන්න බොහොම කාලයක් යනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමයි මෙය සිදුවෙන්නේ. මේවට එරෙහිව කතාකරනවා කියල පහුගිය කාලේ බොරුවට මට මඩ ගැහුවා. ෆෙස්බුක් වගේ සමාජ මාධ්‍ය ජාලවල යම් පාලනයක් සිදුවිය යුතුයි. ඒවායේ මාධ්‍ය ආයතනවලටත් එහා ගිහින් අසත්‍ය නිර්මාණයන් බොහොමවත් පලවීම නිසා තමයි මේ බොහෝ විනාශයන්ට පවා මුහුණු දෙන්න සිදුවී තිබෙන්නේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මාධ්‍ය සමග කටයුතු කිරීමේදී දේශපාලකයන් ප්‍රවේශන් වියයුතුයි - මහින්ද අමරවීර
"මාධ්‍ය සමග කටයුතු කිරීමේදී දේශපාලකයන් ප්‍රවේශන් වියයුතුයි - මහින්ද අමරවීර
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/74894a77950021f962ba6feaedb2e966_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy