දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 46කින් රනිල් ජයගනී : ජාතික ආණ්ඩුව ඉදිරියටත්
Homeගොසිප්

විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 46කින් රනිල් ජයගනී : ජාතික ආණ්ඩුව ඉදිරියටත්

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්කිරීමට එක්සත් ...

දෙරණ ස්ටාර් සිටි - සීසන් 2 අවසන් තරගය
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු හදිසි හෘදයාබාධයක් නිසා රෝහලේ
සුපරි ටෙලි අධ්‍යක්ෂවරයා තෝරන රියලිටි තරගයක් (Funny)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්කිරීමට එක්සත් ජතික පක්‍ෂය සමත් විය. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්ද 76ක් ලැබුණු අතර, එයට එරෙහිව ඡන්ද 122 ක් ලැබිණි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු ඇතුළු 26ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණියහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විශ්වාසභංගට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16ක් ඇතුළුව 76ක් විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය භාවිත කළහ. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ අමාත්‍යවරුන් අතර එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයනත්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කෝඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේදා ජී. ජයසේන, අනුරාධ ජයරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිළමේ, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක,  යන මහත්ම මහත්මීහු සිටියහ.

ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගබේ නොසිටි නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර  මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසායායක, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලා පිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, සාරතී දුෂ්මන්ත, නිශාන්ත මුතුහෙට්ටිගම, කාදර් මස්තාන්, මොහාන් ලාල් ග්‍රේරු, වීරකුමාර දිසානායක, මලික් ජයතිලක ඇතුළු පිරිසක් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අද (04දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර, එය පුරා පැය 11කට ආසන්න කාලයක් විවාදයට ගනිමින් රාත්‍රී 9.30ට පමණ ඡන්ද විමසීම ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුගියදා (02දා) පැවැති රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළද, ඊයේ පෙරවරුවේදී එහි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ අතර, පිරිසක් විශ්වාසභංගටය පක්‍ෂව ඡන්දය භාවිත කළහ.

ඒ අනුව විශ්වාසභංගය යෝජනාවත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙපාර්ශ්වයකට කැඩී ගියේය. පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් සඳහන් කළේ, තමන් විශ්වාසභංග යෝජනවට පක්‍ෂව ඡන්දය භාවිත කළද, ඇමතිවරුන් ලෙස අඛණ්ඩව කටයුතු කරන බවයි.

විශ්වාසභංග යෝජනාව විවාදයේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් පැවසුවේ, විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය  භාවිත කරන සියලු ඇමතිවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය යුතු බවයි.

විශ්වාසභංග විවාදයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ නාමල් රාජපක්‍ෂ මහතා අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූ අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරු බෝහෝ දෙනෙක් චෝදනා එල්ල කළහ.

මේ අතර, විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය භාවිත කරන බව හෝ ඡන්දය දීමෙන් වැළකී සිටින බවට මුලදී ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ දැවැන්ත වෙනසක් ඇති කළ යුතු බවට හඬනැගූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනනායක යන මහත්වරුන් ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ තමන් දෙදෙනාද ඇතුළු 27ක් විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බවයි.

පාර්ලිමේන්තුව හෙට (05දා) පෙරවරු 10.30 කල් තැබිණ.

ජාතික ආණ්ඩුව ඉදිරියටත්?

ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හෙට (05දා) හෝ අනිද්දා (06දා) සාකච්ඡාවක් පවත්වන බවත්, ආණ්ඩුවේ පිරිසක් ඉවත් වුවද, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව මාධ්‍යය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ජනවාරි අට ජනවරම ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය නව කණ්ඩයමට බාරදීමට තිබෙනවා. අපෙන් කොටසක් ඉවත් වුණා. ඉන්න අයත් සමග ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යනවා. ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හ හමුවෙනවා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙමින් ආණ්ඩුව රැක ගැනීමට උත්සාහ කළ සියලු දෙනාට ස්තුතිය” යැයි ප්‍රකාශ කළේය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 46කින් රනිල් ජයගනී : ජාතික ආණ්ඩුව ඉදිරියටත්
විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 46කින් රනිල් ජයගනී : ජාතික ආණ්ඩුව ඉදිරියටත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaAFdn-EwtYPoDkYNZANpB5eM16qIauqtk3wmQN5BCs5DMQ6syD6O0GJ_mYGxYkHop8yi1E-DDuHAzqr-j2y_xuZ6aSmWyQ_8Ibue25ls_CWD4Qtr3YzSWynGk-U-Zzvb39v-3asNgkmo/s1600/Ranil+Wikramisinghe+9.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaAFdn-EwtYPoDkYNZANpB5eM16qIauqtk3wmQN5BCs5DMQ6syD6O0GJ_mYGxYkHop8yi1E-DDuHAzqr-j2y_xuZ6aSmWyQ_8Ibue25ls_CWD4Qtr3YzSWynGk-U-Zzvb39v-3asNgkmo/s72-c/Ranil+Wikramisinghe+9.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy