දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්
Homeදේශපාලන

ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්

PropellerAds

ජාත්‍යන්තර ටයිම් සඟරාව සෑම වර්ෂයකම ලොවට වැඩිම බලපෑමක් සිදුකළ හැකි පුද්ගලයන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් Time 100 යනුවෙන් එළිදක්වයි. මෙවර එම...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස් වීමක්
"මේ හාදයා බුදු දහමට එරෙහිව කළ දරුණුතම ප්‍රහාරය මෙයයි - හෑගොඩ විපස්සි නාහිමි (VIDEO)
විදුලි බිල ගැන ජනපති ඇමැති මහින්දගෙන් කරුණු විමසලා - නිවැරදිම බිල්පත අවසානයට නිකුත් කළ බිල්පතයි
ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්

ජාත්‍යන්තර ටයිම් සඟරාව සෑම වර්ෂයකම ලොවට වැඩිම බලපෑමක් සිදුකළ හැකි පුද්ගලයන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් Time 100 යනුවෙන් එළිදක්වයි.

මෙවර එම ගෞරවය හිමි කර ගැනීමට 14 හැවිරිදි යුවතියක සමත් වී ඇත. ඇගේ නම මිලී බොබී බ්‍රවුන් ය. Netflix නිෂ්පාදනයක් වූ සංත්‍රාසය පිරුණු ජනප්‍රිය ඇමරිකානු වෙබ් ටෙලිවිෂන් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන Stranger Things හි ‘ඉලවන්‘ ලෙසින් රංගනයට එක්වන ළාබාල සුන්දරිය ඇයයි. එම කතා මාලාව ලබාගත් ජනප්‍රියත්වය නිසාම මේ වන විට ඇයට හොලිවුඩයේ ද දොරගුළු විවර වී ඇත. ඇය මේ වන විට ජීවත් වන්නේ ද ඇමරිකාවේ ලොසැන්ජලීස් නුවර ය.

ඇගේ රංගන ක්ෂේත්‍රෙය් මිතුරු මිතුරියන් ඇයව හඳුන්වා දෙන්නේ ‘දෙව්දුවකගේ මුහුණකින් යුත් බුද්ධිමත් කාන්තාවක්‘ යනුවෙනි.

ට්විටර් අනුගාමිකයන් මිලියන 2.2 ක් ද ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් මිලියන 16 ක් ද ඇයට සිටියි.

ෂර්ලොක් හෝම්ස්ගේ ‘පොඩි නංගි‘

ඉදිරියේදී නැන්සි ස්ප්‍රින්ගර් ගේ එනෝලා හෝම්ස් මිස්ට්‍රීස් කතා මාලාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක නිෂ්පාදන කාර්යයට ද ඇය මේ වන විට අතගසා තිබේ. ඒ අනුව ඇය අනාගතයේදී තවත් වාර්තාවක් තබන්නට නියමිතව සිටින්නේ හොලිවුඩයේ ළාබාලතම චිත්‍රපට නිෂ්පාදකවරිය ලෙසිනි. එනෝලා හෝම්ස් මිස්ට්‍රීස් කතාමාලාවේ මිලී බොබී බ්‍රවුන් රංගනයෙන් එක් වන්නේ සුප්‍රසිද්ධ රහස් පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස්ගේ බාල නැගණිය ලෙස ය.

ටයිම් 100 ලැයිස්තුවේ සෙසු අය - කෙටියෙන්
මෙවර ටයිම් 100 ලැයිස්තුවේ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ රාශියක්ම වෙති. ඒ අතර හැරී කුමරු, ඔහුගේ අනාගත මනාලිය මෙගන් මර්කෙල් මෙන්ම ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ද වෙති.

එසේම ස්කොටිෂ් කොන්සවේටිව් (ටෝරි) පක්ෂයේ නායිකා රූත් ඩේවිඩ්සන් ද මෙවර ලැයිස්තුවේ සිටියි. ස්කොට්ලන්ත දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන රූත් ඩේවිඩ්සන්, සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සහ ඒ වෙනුවෙන් වැඩ කරන චරිතයකි. ඇය මේ වන විට සිය සහකාරිය සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්, රිහානා, කේෂා, නිකොලි කිඩ්මන්, ජෙනිෆර් ලෝපේස්, ඕප්රා වින්ෆ්‍රේ, චිත්‍රපට අධ්‍යක්ෂ ගුලියාමේ දෙල් තෝරෝ ද මෙම ලැයිස්තුවේ වෙති.

රාජ්‍ය නායකයෝ
ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මෙම ලැයිස්තුවේ වෙති. එසේම කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ, චීන ජනපති ෂී ජින් පින්, අයර්ලන්ත නායක ලියෝ වරද්කාර්, සිම්බාබ්වේ ජනපති එමර්සන් නාන්ගාවා, ජපන් අගමැති ෂින්සො අබේ මෙම ලැයිස්තුවේ වෙති.

ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට රුසියානු බලපෑමක් තිබිණිදැයි විමර්ශනය කරන මුලර් කමිටුවේ ප්‍රධානියා වන විශේෂ කවුන්සලර් රොබට් මුලර් ද මේ වසරේ ලෝකයට වැඩිම බලපෑමක් සිදුකළ හැකි සිය දෙනා අතරට පැමිණ තිබේ.

- අමාලි ජයවීර | outboundtoday.com

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්
ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/9163b04c695707dc4fc74f3b32bbd3ce_S.jpg
https://i.ytimg.com/vi/R1ZXOOLMJ8s/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/100-14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/100-14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy