දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි, අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ගරු මූලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑ...

හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි, අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ගරු මූලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී,

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරපු, මේ පිළිබඳ වැරදි මත ඇති කරපු, පනත් කෙටුම්පතක් නැති තරම්. නීතිය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙන නීති මහාචාර්යවරු පවා මෙහි තිබෙන වගන්ති පිළිබඳ වැරදි අර්ථ නිරුපණ දුන්නා. එක් වැරදි අර්ථ නිරූපණයක් තමයි, මෙම නීතිය අතීතයට බලපානවයි කියන එක. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියේ මූලික අයිතිවාසිකම් යටතේ ඉතාමත්ව පැහැදිලිව තිබෙනවා, යම්කිසි අපරාධ නීතියක් බලපාන්නේ අනාගතයට පමණයි කියලා. ඉතාමත් පැහැදිලියි. එම නිසා මේ පණතේ විශේෂයෙන් සඳහන් වීම අවශ්‍යය නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ සියල්ලටම ඉහළයි. එම නිසා මේ දණ්ඩන වගන්තිය අතීතයට බලනොපාන බව බොහෝම පැහැදිලියි. ඒ වාගේම අපි අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා නම් අතීතයට බලපාන පරිදි, විශේෂයෙන් වගන්තියක් ඇතුලත් කරල ප‍්‍රතිපාදන ඇතුලත් කරන්න පුළුවන් කියලා. එහෙම නම් විශේයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට මේ පනත ගියා. මේ පණත දණ්ඩන වගන්තිය ආපසු ක‍්‍රියාත්මක වීමට ටිකක් හෝ ඉඩක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය එයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා එහෙම කිව්වේ නැහැ. එම නිසා එසේ ආපසු ක්‍රියාත්මක වන විධියට Retrospective Clause එකක් නැත්නම් කිසිම අවස්ථාවක අපේ රටේ නීතිය අනුව දණ්ඩන අපරාධයක්, දණ්ඩන වගන්තියක් අතීතයට ක‍්‍රියාත්මක වන්නේ නෑ. මොකද අපේ ව්‍යවස්ථාව උත්තරිතර නිසා. ඒ පිළිබඳව අවිස්වාසයක් තියාගත යුතුව නෑ.

අපි ඉංග‍්‍රිසියෙන් කියනවා අපි Dualist රටක්. අපේ රටේ නීතිය අනුව යම් කිසි ප‍්‍රඥප්තියක් ජාත්‍යන්තර වශයෙන් අත්සන් කළ පලියට එය මේ රටේ නීතිය බවට පත්වන්නේ නෑ. මොනිස්ට් (monist) රටවල්වල, උදාහරණයක් වශයෙන් නෙදර්ලන්තයේ, ජාත්‍යන්තර නීතිය, ප‍්‍රඥප්තියක්, ස්වයංක‍්‍රීයව රටේ නීතිය බවට පත්වෙනවා. අපට එහෙම එකක් නැ. එම නිසා මෙම පණත ගෙන ඒමෙන් ජාත්‍යන්තර International Convention For the Protection for All Persons from Disappearances කියන ප‍්‍රඥප්තිය මේ රටේ නීතිය බවට පත් වෙනවයි කියන මිත්‍යා මතය සම්පුර්ණයෙන් වැරදියි. කණගාටුවට කරුණක් වන්නේ මේ පිළිබඳ වැඩිපුරම කතා කලේ මේ රටේ දහස් ගණන් නීතිඥවරයින් බිහිකිරිම සඳහා නීතිය උගන්වපු මහාචාර්යවරු. ඒක කණගාටුවට කාරණයක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. අපි Dualist රටක් එම නිසා අපට අවශ්‍ය විදියටයි අපි පණත හදන්නේ. අපට ඕන නීතියක් හදන්නේ අපට ඕන විදියටයි. දැන් සඳහනක් කෙරුණා මේ විවාදය තුල දණ්ඩනීති සංග‍්‍රහයට පමණක් සංශෝධන ගෙන්න බැරි ඇයි කියලා. දණ්ඩනයක් පමණක් නම් කෙරෙන්නේ, එහෙනම් අපට ඒක කරන්න තිබුණා. නමුත් ඊට වඩා මේ පනතේ පරාසය ඉතා විශාලයි. උදාහරණයක් වශයෙන් 15(1) වගන්තිය කියනවා No Person shall be held in secret detention රහසේ රඳවා තබා ගැනිම තහනම් කෙරෙනවා. ඒ වගේ ඒවා දණ්ඩනීති සංග‍්‍රහයේ දාල වැඩක් නැ, දාන්නත් බෑ, දණ්ඩ නීති සංග‍්‍රයේ තිබෙන්නේ වරදවල් ප‍්‍රකාශයට පත් කරලා, ඒවාට දඬුවම් නියම කිරිම. ඊටත් එහා අයිතිවාසිකම් පිළිබඳව, වින්දිතයන්ගේ ඔවුන්ගේ නැදැයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව- the right of representation by an attorney-at-law- ඒ සියල්ලටම නිතිඥවරුන්ගේ සහාය ලබාගැනීම ඒ ආදිය තියෙනවා. සියල්ලම මේක තියෙනවා. ඒවා දණ්ඩන නීති සංග‍්‍රහයට දාන්න බෑ. ඉතින් මේ වැනි වැදගත් වින්දිතයන්ට අදාළ වන වෙනෙකුත් ප‍්‍රතිපාදන ගණනාවක් මේ පනතේ තිබෙන නිසා තමයි දණ්ඩනීති සංග‍්‍රහයට විතරක් මේක ඇතුල් කරලා, දණ්ඩන වගන්තියක් ඇතුලත් කිරීමට බැරිවන්නේ.

මම වැඩියෙන් කතා කිරිමට කැමති අද තිබෙන තත්ත්වය පිළිබඳව. මීට අදාළව මේ වගේ නීති කොච්චර ගෙනාවත් වැඩක් නෑ. මේවා ක්‍රියාත්මක කෙරෙන්නේ නැති නම්. මහනුවර පැත්තේ මේ දවස්වල සිදුවන සිදුවීම් පිළිබඳව අපි කවුරුත් කම්පාවෙන් සිටින්නේ මම මහනුවර පළාතේ කෙනෙක් නිසා. ඒ පළාතේ ඉපදිලා හැදුනු වැඩුනු කෙනෙක් නිසා මට මේ දවස් ටිකේ දුරකථනයෙන් පණිවිඩ හැම මිනිත්තු කීපයකටම සැරයක් ලැබෙනවා. අද මේ වගේ සිද්ධියක් වෙනවා. මෙතන මේ වගේ දෙයක් වෙනවා කියලා. මම ඒ තැන් පිළිබඳව කියන්නෙත් නෑ ඒවා අවුස්සන්න කිසිම ඉඩක් මම තියන්නේ නෑ.

ඊයේ සමහර පළාත්වල බොහෝම වගකිවයුතු අයගෙන් ලැබුණ ආරංචි අනුව සමහර තැන්වල පොලිසිය බලාගෙන ඉඳලා තියෙන්වා. සමහර තැන්වල පොලිසිය කියා තිබෙනවා අපට වෙඩි තියන්න අවසරය, නියෝග හම්බවෙලා නෑ කියලා. කවුරුත් කියන්නේ නෑ මිනිස්සුන්ව මරන්න කියලා. නමුත් බලය පාවිච්චි කරන්න පුළුවන් සාමය ආරක්‍ෂා කර ගැනිමට. පොලිසියට සාමන්‍ය උපදෙස් තිබෙන්නෙත් මරන්න වෙඩි තියන්න නෙවෙයි අවම බලය පාවිච්චි කිරීමට ඒ අවස්ථාවේ හැටියට. ඒ වගේම අපේ දණ්ඩනිති සංග‍්‍රහයේ තිබෙනවා ඕනෑම කෙනෙක්ගේ දේපල හෝ කෙනෙක්ගේ ජිවිතය ආරක්‍ෂා කිරිමට වෙනත් කෙනෙකුට පුලූවන් බලය පාවිච්චි කිරිමට. ඒක ඕනෑම සිවිල් පුද්ගලයෙකුට පුලූවන්. නමුත් කණගාටුයි කියන්න ඊයේ විශේෂයෙන්ම ඒ ගැන කියන්න ඕනේ මේ තැන්නේකුඔුරේ, මැණික්හින්න පළාතේ ඇතුලේ සිදු වු සිදුවීම්වලදි හුඟක් පොලිස් නිලධාරින් කියලා තියෙනවා අපට කරන්න දෙයක් නෑ. අපට බලයක් නෑ, අපට කියලා නෑ වගේ කතා. ඒ කියන්නේ උඩට වෙඩි තියන්නද යන්නේ. උඩට වෙඩි තියලා මේ වැඩේ කරන්න බෑ. එම නිසා මේ පිළිබඳව ඇක්ෂන් ගන්න ඕනෑ. ක්‍රි‍රියාත්මක වෙන්න ඕනෑ. මේ නීති හදන්නේ, හදිසි නීති දාලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. ඒ කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. මේ රටේ හදිසි නීතිය යටතේ තියෙනවා Preventive Detention කරන්න. Preventive Detention කියන්නේ වරදක් කලේ නැතත්, යම්කිසි කෙනෙක්ගේ ක්‍රියාවන් නිසා වරදක් වෙන්න ඉඩ තිබෙනවා නම් ඒ බවට සාක්‍ෂි තිබෙනවා නම් හේතු තිබෙනවා නම් Preventive Detention කරන්න පුළුවන්. අද Preventive Detention පාවිච්චි කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ බොහොම ලේසියි. මේවා අවුස්සන අය ඉන්නවානම් ඒ පිළිබඳව සාක්‍ෂි තියෙනවානම්, ඒ පිළිබඳ විශ්වාස කිරිමට තියෙනවා නම් අත්තනෝමතිකව නෙවෙයි යම්කිසි පදනමක් තියෙනවා නම් ක‍්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් Preventive Detention ක්‍රියාත්මක කරන්නත් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි. නැතිනම් හදිසි නීතිය පාවිච්චි කරලා වැඩක් නෑ. හදිසි නීතිය දාලා වැඩක් නෑ. ඇඳිරිනීතිය රෑට විතරක් දාලා වැඩක් නෑ. සමහරතැන්වල දවල්ටත් දාන්න ඕනි. අපි බොහොම බරපතල ලෙස මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. මේකට මුහුණ දෙන ආකාරය පිළිබඳව. ඉදිරි දින කීපයේදි වෙනින් පළාත් වලට පවා මේක පැතිරිමේ භායානකකම තිබෙනවා. අවසාන වශයෙන් my name was mentioned. මා සිංගප්පූරුවේදී කරපු, මට මතක නෑ අවුරුද්ද පිළිබඳව, දෙමළ කණ්ඩායම් සමග කරපු සාකච්ඡුාවකට මා සහභාගී වූ බවට සඳහනක් කෙරුනා මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමන්ගෙන්. ඒක සම්පූර්ණ ඇත්ත, මම කවදාවත් නෑ කියලා නෑ. අපි කතා කළේ මේ රටේ තිබෙන ජනවාර්ගික ගැටලුව එක් තනි රටක් තුළ විසඳාගැනීම සඳහා තමයි අපි සාකච්ඡා කළේ. Global Tamil Forum එකේ සමහර අදහස් එක්ක මම එකඟ වෙන්නේ නෑ. නමුත් ඔවුන් එක්ක කතා කරන්න ඕන. ඔවුන් එක්ක සාකච්ඡා කරන්නේ නැතිව මේක කරන්න බෑ. එක තනි රටක් තුල. ඒ සාකච්ඡාවල ප‍්‍රතිපලයක් ලෙස අද Global Tamil Forum එකට එකතුවෙලා හිටපු Father Emanuel වගේ අය අද ලංකාවට එනවා .

විමල් වීරවංශ - point of order ගරු මූලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී, ඒ Tamil Net වාර්තාවේ තියෙනවා එකඟවේච්ච ප‍්‍රතිපත්ති දහය. ඒ දහයේ පලවෙනි එක තමා ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනය ලැබෙන විදියේ ව්‍යවස්ථා සංශෝධනය මේ රණවිරු දඩයම් ඕව ඔක්කොම තියෙනවා. තමුන්නාන්සේලා සාකච්ඡා කළා විතරක් නෙවෙයි මේ රට පාවා දෙන එකඟතාවයකට ගියා.

ජයම්පති වික‍්‍රමරත්න - එහි තිබෙන්නේ මේ රට තුළ සිටින විවිධ ජනකොටස්වලට තමන්ගේ කටයුතු කර ගැනීමට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථා ව්‍යුහය වෙනස් කරන්න ඕනෑ කියන එක. ඒක අද නෙවෙයි මම හැමදාම කියපු දෙයක්. දැනුත් කියනවා ඉදිරියටත් කියනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි, අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි, අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/ed8c927cf75d9ed5e3ea0536740dce15_S.jpg
https://i.ytimg.com/vi/M2Xjo7x6Z8U/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_986.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_986.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy