2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව...
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අංක 142, බේස්ලයින් පාර, කොළඹ 9 ලිපිනයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේ දී ඊයේ (28) රාත්‍රියේ ළමාහේවා මහතා මෙලෙස අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොහු 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම වන විට වැලිකඩ මැගසින් බන්ධනාගාරය බාරව, බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇත.
මේ අතර මෙම සැකකරු හා මෙයට අදාළව ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ද අද (29) අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS