දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී මහ බැංකු නිලධාරීන්ගේ රෙදි ගලවයි.
Homeගොසිප්

රවී මහ බැංකු නිලධාරීන්ගේ රෙදි ගලවයි.

PropellerAds

රුපියල පාවීමට ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, තෙල් මිල වැඩිකිරීම ට සිදුවී ඇති බවත්, මෙම තත්ත්වයට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් හිටප...

ඇතුලෙ කෑම එපැයි කී - විමල්ට පිටින් කන්න අවසර
Gossip Lanka Events
නැන්දාගේ හාර ලක්ෂය කොල්ලකෑ පුතාට දුක හිතී කොටසක් දෙන්න ආ විට පොලිසියට මාට්ටු

රුපියල පාවීමට ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, තෙල් මිල වැඩිකිරීම ට සිදුවී ඇති බවත්, මෙම තත්ත්වයට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) මට්ටක්කුලිය, කදිරානවත්ත එකමුතු පුර නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

මහ බංකුවේ නිලධාරීන් ගේ දුර්වලතා නිසා ආර්ථික යේ ඇතිවී තිබෙන කඩා වැටීම හමුවේ ඊට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත් මූල්‍ය විනය සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම අයහපත් තත්ත්වයට එකම විසඳුම, විදේශයන්ට අවශ්‍ය ලෙස තීරණ ගන්නා මහ බංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගැනීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සියළු ආනයන භාණ්ඩ මිල ඉහළයාමේ අවධානමක් !

එසේම රුපියල බාල්දු වී මේ ප්‍රතිඵලයක් ලෙස තෙල්මිල පමණක් නොව සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බව අවධාරණය කල රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

නිලධාරීන් හිතන්නේ ඔවුන් ගැන විතරයි !

"මහ බංකුවේ ඇතැම් නිලධාරින් තීරණ ගන්නෙ ඒ අයගෙ පෞද්ගලික සුඛවිහරනය වෙනුවෙන් හිතල. විශ්‍රාමගත්තට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු බලාපොරොත්තුවෙන් ඔවුන් ගන්නා තීන්දු නිසා රටත් ,රටේ ආර්ථිකයත්, භයානක ඉරණමකට මුහුණ දී තිබෙනවා. රට කවුරු පාලනය කළත් මේ නිලධාරීන් වෙනස් වෙන්නෙ නැහැ. එදා මම මුදල් ඇමැතිව සිටින කාලය තුළ මේ ක්‍රමය වෙනස් කරන්න පියවර ගත්ත. දැන් මහ බැංකු නිලධාරීන් ට අවශ්‍ය විදිහට රටේ ආර්ථිකය පාලනය වෙනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ.

පුළුවන් නම් රුපියල ශක්තිමත් කරන හැටි කියන්න

"රටට නව රැකියා උත්පාදනය සඳහා මහ බැංකුවට වැඩපිළිවෙළක් තියෙනවා ද?. නව ආයෝජන රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් තියෙනවා ද? ඔවුන් තීරණ ගන්නෙ මහ පොළවේ පය ගහල නෙමේ . මම මහ බැංකුවට අභියෝග කරනව රුපියල බාල්දු නොකර, රුපියලේ අගය ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් සකස් කරල රටට පෙන්නන්න කියලා.

දැන් ලංකාවට විදේශීය නීතිඥවරුනම්ගේ සේවය ලබාගැනීමේ සූදානමක් තියෙනවා, ඒකට මම කිසිසේත් එකඟ නැහැ. අපේ නීති ක්ෂේත්‍රය නවීකරණයට ලක්විය යුතුයි. නමුත් විදේශීය නීතිඥයන් ලංකාවට ගේන්න අවශ්‍ය නැහැ . නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු තියෙනවා නම්, ඒවා රට තුල නිවරදි කර ගත යුතුයි. "

රවී කරුණානායක මන්ත්‍රීවරයා කදිරානවත්ත ප්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම සංචරයේදී ජනතාව සමඟ කතාබහ කල බවද වාර්තා වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී මහ බැංකු නිලධාරීන්ගේ රෙදි ගලවයි.
රවී මහ බැංකු නිලධාරීන්ගේ රෙදි ගලවයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnBpLULiqWgH-yFFPcEsP3oIP1fCHsE5tK2AKuNdrRWOr3H_bexZ-ewaDWzAhtPAhm3ORKEDF_xmLXrDgmHO2SEUAt1D7e-OwQXqBZEp7e6emj7zHC8QtI1_xJdBVupE4OsU2FV0_QRh0/s1600/Ravi+K+Resign.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnBpLULiqWgH-yFFPcEsP3oIP1fCHsE5tK2AKuNdrRWOr3H_bexZ-ewaDWzAhtPAhm3ORKEDF_xmLXrDgmHO2SEUAt1D7e-OwQXqBZEp7e6emj7zHC8QtI1_xJdBVupE4OsU2FV0_QRh0/s72-c/Ravi+K+Resign.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy