ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය එළඹෙන අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට එම සංගමය තීරණය ක...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය එළඹෙන අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට එම සංගමය තීරණය කර ඇත. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය පළමුව මේ මස 27,28 හා 29 තෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ලබන මස 2,3,4 යන දිනයන්හි පැවැත්වීමට තිබුණි.
කෙසේවෙතත් නැවතත් මෙම තරඟාවලිය අප්‍රේල් මස 23,24,25,26 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නවීකරණය කිරීම මේ සඳහා හේතුවන අතර ධාවන පථය නවීකරණය කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු තරගය මෙය වෙයි.
COMMENTS