දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මේ පැසුණු වයෝවෘද්ධ නායකයාට සවන් දෙන්න

එ් ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී එ් වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවගේ ආගමික නායකයා වන අගරදගුරු...

මේ පැසුණු වයෝවෘද්ධ නායකයාට සවන් දෙන්න

එ් ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී එ් වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවගේ ආගමික නායකයා වන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අසුන් ගෙන සිටීම සුවිශේෂි වේ.

විපක්ෂ නායක සම්බන්ධන් ගරිල්ලා දේශපාලන ප්‍රහාරකයෙකි. හදිසියේ මතුව දැඩි ප්‍රහාරයක් දියත් කර කලකට ඔහු කරළියේ නොපෙනී ඉඳීමට දක්ෂ ය. අනපේක්ෂිත මොහොතක ඔහුගෙන් නිකුත් වන්නේ ප්‍රබල වාග් මාලාවකි. තමන් නොබෙදුණ රටක ජාතික එකමුතුව වෙනුවෙන් ශක්තිමත් ස්ථාවරයක් සහිත ප්‍රතිපත්තිගරුක නායකයෙක් බව, ඔහු දිගින් දිගට ම පෙන්වයි. මේ යුගයේ අප වැනි රටක එබඳු දේශපාලකයන් විරල ය.

නිදහසට පෙර යුගයේ මෙරට ජාතීන් අතර විරසකයක් තිබුණේ නැත. විදෙස් ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීමේදී සියලු ජාතීන්, ජන කොටස් කටයුතු කළේ එක්ව ය. ඔවුන් වෙන වෙන ම ඔවුන්ගේ කොටස් ඉල්ලුවේ නැත. එක ම අරමුණ බවට පත් වූයේ රටේ ස්වෛරීත්වය ය; ස්වාධීනත්වය ය. එ් නිසා මේ පැසුණු වයෝවෘද්ධ නායකයා කියන කතාව අතිශය වැදගත් ය.

රටේ අනාගතය වෙනුවෙන් දුර දක්නා නුවණිකින් යුතුව නඟන හඬට අප උපේක්ෂාවෙන් යුතුව සවන් දිය යුතුය.

මෙරට පාලකයන් සහ පුරවැසියන් මේ අවස්ථාවේ කළ යුතු වැදගත් ම කාර්ය විය යුත්තේ වෛරය ක්‍රෝධය වපුරන වර්ගවාදී දේශපාලන සටන් පාඨවලට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ නොදීම ය. වර්ගවාදී බෙදීම් පිටුදැකි අනෙක් රටවල්වලට අපව පහසුවෙන් පසු කර යෑමට අප ඉඩ සලසා තිබේ. එතරම් අපි පසුගාමී ජාතියක් වී ඇත්තමු. බොහෝ රටවලට විවිධත්වය සම්පතක් වෙද්දි අපි එය අනවශ්‍ය බරක් ලෙස සලකන්නට පුරුදු වී ඇත්තෙමු. එ් පටු දැක්ම රටක් ලෙස අපේ ඉදිරි ගමන බරපතල ලෙස සීමා කර ඇත. මේ දැනුමෙන් ගනුදෙනු කළ යුතු සියවසකි. අද ලංකාවට නැවත අවශ්‍ය ව ඇත්තේ එක් එක ජනකොටස්වල ඉතිහාසය ගැන පුරාවෘත කතා කරමින් වාර්ගික පදනමින් වෙන් වීම වෙනුවට නිදහසට පෙර තිබූ ඒ වාර්ගික සමගිය ය. ඒ සඳහා සැකය වෙනුවට අන්‍යෝන්‍ය විශ්වාසය රෝපණය කළ යුතුය. බේද වෙනුවට එකමුතුකම පෝෂණය කළ යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතු, ඒ ලෙස හැසිරිය යුතු යුගයකට අප අවතීරණය වී ඇත.

මිනිසුන් අදහන ආගමෙන්, කතා කරන භාෂාවෙන්, වර්ණයෙන්, උපන් ප්‍රදේශයෙන්, කරන රැකියාවෙන් වෙනස් විය හැකිය. ඒ කුමන වෙනස්කම් පැවතියද අප සියලු දෙනාම එක ම මිනිස් පවුලක සාමාජිකයන් විය යුතුය. දේශපාලන ක්‍රියාධරයන්ගේ ගමන් මඟ විය යුත්තේ සහජීවනයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීමට ය. ඒ වැදගත් සහ භාරධූර කර්තව්‍යයේදී විපක්ෂ නායක සම්බන්ධන්ගේ ප්‍රකාශය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

රටක් ලෙස අපට දැන් ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. එදා කොළඹ දෙස බලා තමන්ගේ රට නිර්මාණය කිරීමට සිංගප්පූරුවේ නායකයන් කතිකා කළ මුත්, අද වාර්ගික විවිධත්වයේ සම්පතින් පළ නෙළන සිංගප්පුරුව දෙස බලා රට ගොඩනැඟීමට අපට සිදු ව ඇත. එය අප මුහුණ පාන සරදමකි. කෙසේ වෙතත් ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සමීකරණය තුළ මේ අවස්ථාවේ මෙවැනි කාරණා ගැන ධනාත්මක ව දැකිය හැකි වාතාවරණයක් නිර්මිත ව ඇත. දේශපාලන පක්ෂ අතර සිටින වාර්ගික අනත්වාදී කණ්ඩායම් පිළිබඳ ව කතාබහක් තවමත් පැවතිය ද පොදු කතිකාව තුළ ප්‍රධාන ධාරාවේ බොහෝ පක්ෂ සිය ගමන්මඟ වාර්ගික සහජීවනය දෙසට යොමු කර ඇත.

අප මේ පසු කරමින් සිටින්නේ ආසියාවේ සියවස ය. ලොව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය බවට ආසියාව පත්ව ඇත. වැඩි ම කාර්මික නිෂ්පාදන සහිත රට ලෙස වසර 116ක් පුරා ඇමෙරිකාව සතුව තිබූ අධිකාරිය අද චීනය තමන් සතු කරගෙන ඇත. ඩොලර් සංචිත වැඩිපුර ම ඇත්තේ ආසියාවේ ය. ඉන්දියන් සාගරය, ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව වැදගත් ම සාගර කලාපය බවට පත් ව ඇත. ඉන්දුනීසියාව සහ ඉරාකය අතර කලාපය ලොව ගුවන් සහ නාවික ගමනාගමනයේ කාර්යබහුලම කලාපය බවට පත්ව ඇත. එ් කලාපයන්හි මධ්‍යයේ උපායමාර්ගික ව ඉතා ම වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. එ් පිහිටීම නිසි ලෙස ආයෝජනය කළහොත් වේගයෙන් බලගතු රටක් බවට පත්වීමේ ශක්‍යතාවක් අපට ඇත. බලගතු රටක් වීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් අප සතු විය යුතුය. ඒ අධිෂ්ඨානය තුළ ජනවර්ග වශයෙන්, කණ්ඩායම් වශයෙන් බෙදී සිටීමේ කාලයක් අපට ඉතිරිව නැත. ඒ අධිෂ්ඨානය වෙනුවෙන් සියලු ජන කොටස් එක් ව පෙළ ගැසිය යුතුය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29578,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ පැසුණු වයෝවෘද්ධ නායකයාට සවන් දෙන්න
මේ පැසුණු වයෝවෘද්ධ නායකයාට සවන් දෙන්න
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/ea01ba48f5aa073575a70c5d9362e9fe_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_656.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_656.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy