එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේ ප්‍රකාශ කළේ තම පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි. තමන් පසුගිය පළාත් පාලන මැතිවරණ...
එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේ ප්‍රකාශ කළේ තම පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි.
තමන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමඟ සන්ධානගත වී තරඟ කළ නමුත් ඔවුන් තමන්ව රැවටූ බව රවුෆ් හකීම් මහතා කියා සිටියේය. තමන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල සභාපතිවරයා තීරණය කිරීමට හෝ තමන්ට අවස්ථාවක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.
තමන් මෙම ජාතික ආණ්ඩුව නියෝජනය කරන නමුත් තමන්ටම තමන්ගේ පක්ෂය දුර්වල කර ගත නොහැකි බව පැවසූ හකීම් මහතා මැතිවරණවලට තරඟ කිරීමේදී එජාපයේ මහලේකම්වරයා වෙනුවට තමන්ට වෙනම මහලේකම්වරයකු අවශ්‍ය බව ද පැවසීය. එම කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් තමන්ට එජාපය සමඟ එක්ව කටයුතු කිරීම අපහසු බවද හකීම් මහතා අවධාරණය කළේය.
සිය පක්ෂය වෙනුවෙන් තමන් දරණ ඇමති ධුරය අත් හැරීමට හෝ තමන් සූදානම් බව ද රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
RN
COMMENTS